හොඳ කලා උපාධියකටහොඳ තැනක්

මෙම ලිපිය 2016 මාර්තු 3 වන දින දිනමිණ පත්‍රයේ පලවිය.

කට වහරටඅප විසින් කලා අධ්‍යාපනය ලෙස හදුන්වන මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යාපනය නගා සිටුවීමට ඇප කැප වූ හිටපු මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ මරණයෙන්වසරක් ඉකුත් වීම අනුස්මරණය කිරීම සඳහා මෙම ලිපියඑතුමා ආදරය කල විෂය ක්ෂේත්‍රයක් පිලිබඳ විග්‍රහයකට යොදා ගැනීම කාලෝචිත බව මම සිතමි.

2011 දී ගූගල් ආයතනය විසින් කලාඋපාධිධාරීන් 4000 ක් එක වර බඳවා ගැනීම තුලින් තොරතුරු තාක්ෂණයට සුප්‍රසිද්ධ සිලිකන් නිම්නයටත් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා දැනුම අවශ්‍ය වී ඇති බව හෙළි විය. ඇත්තටමඅලුතින් බිහිව නැගී එන තොරතුරු  තාක්ෂණ වෙළඳ නාමයන් පිටුපස සම්ප්‍රදායිකවිද්‍යා හා තාක්ෂණ විශේෂඥයන්මනොවහොදම විශ්ව විද්‍යාලයන් හී දර්ශනය, නිර්මාණ ශිල්ප හෝ නාට්‍ය කලාව හැදෑරූඅයද සිටීම මේ දින වල වැඩ ලෝකයේ දක්නට ලැබෙන විශේෂත්වයකි.මේකලා උපාධිධාරීන්ගේ සාර්ථකත්වයෙන් පිළිඹිබු වන්නේ වැඩ ලෝකය බලාපොරත්තු වන විශ්ලේෂනාත්මක හා නිර්මාණශීලී හැකියාවන් ලබා ගැනීමට වැදගත් වන්නේ විෂය කේෂ්ත්‍රය නොව හොදඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් බවයි.

අවාසනාවකටලංකාවේ වසරකට බිහි කරන 14,000 කටඅධික උපාධිධාරීන් අතලොස්සකටවත් එවැනි නිපුණතාවයන් නැත. ලංකාවේ කලා උපාධිධාරීන් හා දියුණු ලෝකයේවිශ්ව විද්‍යාලයකින් පිටවන උපාධි ධාරීන් අතර වෙනස අහසට පොලව මෙනි.

කලාඅධ්‍යාපන ක්ෂේත්‍රයේමානව ශාස්ත්‍රය(Humanities)විෂය කාණ්ඩය දර්ශනය, පාලි හා බෞද්ධ සංස්කෘතිය, සිංහල, වෙනත් භාෂා,සංස්කෘතික අධ්‍යයනය, දෘශ්‍ය කලා, ප්‍රසාංගික කලාලෙස තව දුරටත් විස්තෘත වේ. සමාජ විද්‍යාව(Social Science)විෂය කාණ්ඩයට  ඉතිහාසය, පුරා විද්‍යාව,  භූගෝලය, දේශපාලන විද්‍යාව, වාග් විද්‍යාව, සමාජ විද්‍යාව හාආර්ථික විද්‍යාව යන විෂයන් අයත්වේ.

මේ වැදගත් විෂයයන් පිළිබඳ ව විශ්ව විද්‍යාල වල දැනට ඇති ඛේදනීයතත්වයට හේතු මොනවාද?එම තත්වය දියුණු කිරීමට කල යුත්තේ කුමක්ද?

වත්මන්තත්වය පිලිබඳ අදහසක්

දැනටඅප සමාජයගෝලීය දැනුම් කේන්ද්‍ර වලට සම්බන්ධ වූඅය හා ගෝලීය දැනුම් කේන්ද්‍ර වලින් වියුක්ත ව ජාතික හැගීම් පෙරටු කරගත් කරන අය ලෙස වෙන් වී ඇති බව, “අදත් අප සමාජය වෙන් කරන ඉංග්‍රීසිය” ලෙස මීට පෙර පලවූ ලිපියකින් මම සාකච්ඡා කළෙමි. අප විශ්විද්‍යාල තුල එම පලවෙනි කාණ්ඩය බටහිරගැතියන් ලෙස බැහැර කර ගෝලීය දැනුම් කේන්ද්‍ර වලින් වියුක්ත කොටසක් රජයන තත්වයක් ඇති බවත්,වත්මන් කලා අධ්‍යාපනයේ දුර්වල තත්වයට හේතුවඑය ලෙසත් මම විශ්වාශ කරමි.අප ඉදිරියට යාමට නම් මේ දෙකොටස එකිනෙකාගෙන් ඉගෙන ගැනීම සඳහා සම්බන්ධ විය යුතු බවත් මම අනුමාන කරමි.

1940-60 කාලයෙන් පාඩම්

1942දී පේරාදෙණියේ සුන්දර මහවැලි නිම්නයේ යුනිවර්සිටි ඔෆ් සිලෝන් ලෙසපිහිට වූ නව විශ්ව විද්‍යාලය එවකට ප්‍රභූ හා නිර්ප්‍රභූ පන්ති යා කරන තැනක් විය.

මේ අවධියඑක අතකින් විශ්ව අධ්‍යාපනය සඳහා ඉහල මට්ටමේ බුද්ධිමතුන් සහභාගී වූ අවධියක් බවසේනක බණ්ඩාරනායකයන් විසින් තම Future of Universities and a Culture of Learning” කෘතියෙන් සඳහන් කරයි.

අනික් අතින් නවවිශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් ලෙස රටේ ප්‍රභූ පවුල් වල තරුණ තරුණියන් මෙන්ම, මිෂනාරී ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වලශිෂ්‍යත්ව තුලින් ඉගෙනීමට භාග්‍ය ලැබූ  නගර ආශ්‍රිත නිර්ප්‍රභූ පවුල් වල තරුණ තරුණියන් හා1940 ශතයක අග භාගයේ සිට කන්නන්ගර මධ්‍ය විද්‍යාල හරහා විශේෂ දක්ෂතා ඇති ගම්බද සාමාන්‍ය පවුල් වල තරුණ තරුණියන්ද විශ්ව විද්‍යාලයට ආකර්ෂණය විය. මේ ශිෂ්‍යයන්ට කුඩා කණ්ඩායම් ලෙස පෙර අපර දැනුමෙන් සන්නද්ධ වූ එදීරි වීර සරත්චන්ද්‍ර, කේඑන් ජයතිලක,  සුගතපාලඩි සිල්වා  වැනි දැවැන්තයන් මෙන්ම වෙනත් දක්ෂගුරුවරුන්ගෙන් දඉගෙනීමේඅවස්ථාව ලැබුණි.

මෙවැනි විශිෂ්ට අධ්‍යාපනයක් ලැබූ උපාධිධාරීන් කන්නන්ගර මධ්‍යා විද්‍යාල වල හා රජයේ පත්වීම් ලබමින්  විශිෂ්ට සේවයක් කල අයලෙසඅදටත් අපට ආදරයෙන් සිහි කළ හැක.

1970-90 කාලය තුල පිරිහීම

නමුත් 1960 දශකයේසිටවිශ්ව විද්‍යාලයට මහා පරිමාණයෙන් සිසුන් බඳවා ගැනීමත් ඒ සමගම පැවතීසමාජ ආර්ථික තත්වයන්තුල උගතුන් රටින් බැහැර වීමේ ප්‍රවනතාවයත් නිසා විශ්ව විද්‍යාල වල ගුණාත්මක බවේ  පිරිහීමක් ඇති විය.1971තරුණ කැරැල්ල කාලය තුල වසා තබා නැවත නැවත විවෘත  වූ විශ්ව විද්‍යාලපද්ධතිය තුල ගුණාත්මක පිරිහීමක්දැකිය හැකි විය. 1970 සිට ක්‍රියාත්මක වූ සංවෘත ආර්ථික ප්‍රතිපත්තීන් හා  1973තෙල් අර්බූදයත් නිසාමුළු රටම දැනුන අංග හිඟ කම් දවිශ්ව විද්‍යාලයට ද තදින් බල පෑය.

ඊටත් අමතරව, 1970 දශකයේ සිටවිශ්ව විද්‍යාලයට ඇතුළු වූ සිසුන්ගෙන් සියයට සියයක් ම වාගේ ස්ව භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ අය විය. ස්වභාෂා අධ්‍යාපනය නිසා එක අතකින් පාසල් වල ඉගෙනුම් ක්‍රියාවලිය වඩා ස්වභාවිකව ශිෂ්‍ය සහභාගිත්වයෙන් කෙරෙනි. අනික් අතට ඒ නිසා අන්තර්ජාතික තලයේ ඉංග්‍රීසි පොත පතින් ආභාෂය ලබා ගැනීම අතපසු  විනි. අතලොස්සක් ඉංග්‍රීසි පොත පත කියවන ගමන් ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්හ. නමුත් වැඩි දෙනෙක්ට ඉංග්‍රීසි භාවිතය සම්පූර්ණයෙන් අරහං විය. ඒ නිසා මේ වකවානුවේ දී විශ්ව විද්‍යාලයේ පළමුවන වාරයම ඉංග්‍රීසි ඉගැන්වීමට යොදා ගැනීම ට සිදු විය.අදටත් ඉංග්‍රීසි ප්‍රශ්නය එසේම පවතී යයි මම සිතමි.

1980 දශකයේ නැවතත් පිබිදුනු කැරලිකාරී තත්වය තුල හා ඉන් පසුවත්  කැරලිකාර කණ්ඩායම් වලට තමන්ට පිටත නැති ආධිපත්‍යයක් විශ්වවිද්‍යාල තුල පවත්වා ගැනීමට හැකි විය. ඔවුන් විසින් විරුද්ධ මත දරන අය බටහිර ගැතියන් ලෙස හංවඩු ගසමින් ඒ අයට රජයේ විශ්ව විද්‍යාල එපා කරවීමක්, හිත මතා හෝ නොහිතා,සිදු වූවා යයි මම විශ්වාස කරමි.  මෙම තත්වය නිසා නොයෙකුත් මතවාද සංවාද තුලින් අධ්‍යයන කල යුතු ක්ෂේත්‍රයක් වන කලා අධ්‍යාපනය අද ඇසූ පිරූ දැනුමක් නැති අය දෙසන දේශන නැවත ලියා ඉදිරිපත් කිරීමෙන් සාර්ථකත්වය මනින  පුස් අධ්‍යාපනයක් බවට  පත්ව ඇත.

යූජීසීබලධාරීන්ගේ වගකීම

ජනතාව බලාපොරත්තු වන ජීවන තත්වයක් සඳහා ඔවුනට අවකාශය ලබා දීමට නම් අපේ නිෂ්පාදනයන් හා සේවාවන් උසස් මට්ටමකින් පවත්වාගෙන අප විසින් ගෝලීය ආර්ථිකයට ඵලදායී ලෙස සම්බන්ධ වියයුතුව ඇත. විශේෂයෙන් සේවාවන් සැපයීමේදී තොරතුරැ තාක්ෂනය හා ගණකාධිකරණ වැනි විශේෂඥයින්ට අමතරව කලා අධ්‍යාපනය තුලින් හෝ පොත පත හා සමාජය ඇයුරෙන් සමාජය පිලිබඳ වඩා පුළුල් දැනුමක්ලබාගත් බුද්ධිමතුන් අවශ්‍ය වේ.ඒ සදහා අපේ කලා අධ්‍යාපනය අනිවාර්යෙන් ම යම් දියුණු තත්වයකට ගෙන යා යුතුව ඇත. එක් පිලියමක් වන්නේ අප විශ්ව විද්‍යාල නැවතත් සමාජයේ සෑම කොටසක්ම නිරූපණය කරමින් එකිනෙකාගෙන් හා පෙර අපර දැනුම් ජාල තුලින් බුද්ධිමය පෝෂණය ලබා ගන්නාආයතන බවටපත් කිරීමයි.

ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යපනය පිළිබඳව මා තුල උන්දදුවක් ඇති කලේ අද අප අතර නැති සේනක බණ්ඩාරනායකයන් ය. ඔහු එවකට යූජීසීය හෙවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සාමාජිකයෙකු විය. මම එම සභාවට විටින් විට උපදේශෙයෙක් ලෙස සම්බන්ධ වූ යෙමි. බැලු බැල්මට අද දින කොමිසම් සභාවේ කලා විෂය පිලිබඳ විද්වතෙක් නැත. නමුත්ඒ සෑම දෙනෙක්ම අධ්‍යාපනයට ඇති කැප වීම නිසා එම තනතුරු හොබවතියි මම විශ්වාස කරමි. 2014 වසරේ උපාධිය ලැබූ අයගෙන් 50% කම කලා උපාධිධාරීන් ය. ඒ නිසා . යූජීසී යේ අවධානය කලා උපාධියේ ගුණාත්මක බව දියුණු කිරීම සඳහා වහාම යෙදවිය යුතුව ඇත.

උසස් අධ්‍යාපනයේ සැබෑ අසමානතාව

මේ ලිපියට ප්‍රවිෂ්ඨය පසු ගිය අප්‍රියෙල් 3 වැනි දින රාවය  පත්‍රයේ  ආචාර්ය නිර්මාල් දේවසිරි විසින් මාගේ ඊට කලින් සතියේ පලවූ  ”රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය” යන ලිපියට දැක් වූ “යන්නේ කොහෙද මල්ලේ පොල්” ප්‍රතිචාරයයි.  එම ප්‍රතිචාරය ‘රාජ්‍ය විශ්ව විද්‍යාල වලට බැරි ප්‍රමිතිය පුද්ගලික විශ්ව විද්‍යාල ලබා දෙන්නේ කෙසේද’ යනුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රශ්නය සඳහා  අනිකා අනවශ්‍ය ලෙස ඈදා ගත් එකකි. ඔහුගේ එම ප්‍රශ්නය පිටුපස ඇති උපකල්පනය වන්නේ පුද්ගලික ආයතන යනු අධ්‍යාපනයට මුදලක් ලබා ගත් පමණින්ම ප්‍රමිතයක් ලබා දිය නොහැකි ආයතන බවයි. ඒවාට පැවැත්මක් තිබීම වැරදි බවයි.

මා  පෙර මෙන් මේ ලිපියෙන් ද තර්ක කරන්නේ (1)තමන් විසින් සමාජයටබාර කරන උපාධිධාරීන් පිලිබඳ ව වග වීමකින් තොරව කටයුතු කරන රාජ්‍ය ආයතනයන වල ආචාර්ය වරුන් විසින්එසේ අනිකා ගැන තීරණය කිරීම සදාචාරාත්මක නොවන බව මෙන්ම  (2) උසස් අධ්‍යපනයේ සැබෑ අසමානතාව යනු රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ප්‍රවේශය අහිමි වීම නොව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් වගවීමකින් තොරව ලබා දෙන අධ්‍යාපනය බව හා  ඒ වෙනුවට  වෙනත් විකල්ප සොයා යෑමට අවකාශයක් නැතිවීම බව ය.

2014 වර්ෂයේ තරුණ කටයුතු අමාත්‍යාංශය හා තරුණ සේවා සභාව එකතුව පල කරන ලද ‘තරුණයන් හා සංවර්ධනය යන වාර්තාව’ ට අනුව වයස 20-24 අතර වයස් කාණ්ඩයේ මිලියන 1.5 ක් වූ තරුණ තරුණියන්ගෙන් 4% ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදෙති. තවත් 3% ක් ර‍ජයේ වෘත්තීය පුහුණු ආයතන වල පුහුණුව ලබති. තවත් 7% ක් වෙනත් ආයතන වල වැඩි දුර අධ්‍යාපනයේ  යෙදෙති.  එම නිසා ඉතිරි 86% විධිමත්  පුහුණුවක් නොලබන කණ්ඩායම ලෙස හැදින්විය හැක. මේබහුතරය පිළිබඳව යම්  තරමක හෝවග කීමක් ගන්නේ ජාතික තරුණ සේවා සභාවයි.

 

 

 

 

 

විශ්ව විද්‍යාල වල සිසුන් හා ආචාර්ය වරුන්ට අනුව රටේ තරුණ තරුණයන්ගේ 7% ක් තම  වියදමෙන් අධ්‍යාපනය ලබමින් රජයේ බර 7% කින් අඩු කිරීම වරදකි. ඇරත් ඉතිරි 86% න් යම් කොටසකට තව දුරටත් අධ්‍යාපනය හෝ පුහුණුව ව ලබා දීමට රජය විය පැහැදම් කරන්නේ නම් ඒ සඳහා  රාජ්‍යආයතන වඩා  සුදුසු බව ඒ ආයතන වල සිටින අයම නිගමනය කරති. එය කොතරම් සදාචාරත්මකද? අධ්‍යාපන අවස්ථා වවුචර් වැනි උසස් අධ්‍යාපනය සදහා යෙදිය හැකි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් පිලිබඳ ව අප සාකච්ඡා කල යුතු නේද?

රාජ්‍ය විශ්ව විද්‍යාල අතරමැදියා වී කරන අධ්‍යාපනවෙළදාම

ආචාර්ය දේවසිරියන්ගේ ප්‍රස්තූතය අධ්‍යාපනයහුවමාරු භාණ්ඩයක්විය නොයුතු බවය. රජය මැදිහත්ව ලබා දෙන අධ්‍යාපනය  එසේ නොවන බව එහි අප්‍රකාශිත උප ප්‍රස්තූතයයි. නමුත් මම කියා සිටින්නේ රජයේ අධිකාරය යටතේ පවත්වා ගෙන යන අධ්‍යාපනය යන්නද එක්තරා විධියක  භාණ්ඩ හුවමාරුවක් හෙවත් වෙළදාමක්  බවයි.

අවසන් විග්‍රහයේ දී රාජ්‍ය අධ්‍යාපන ආයතන මගින් සිදු කරන්නේ  ජනතාවගෙන් බදු මුදල් අය කරගෙන හිලව්වුට  බාල උපාධි නමැති  භාණ්ඩය හුවමාරු කිරීමේ කාර්යයේ දී අකාර්යක්ෂම මෙන්ම බොහෝ විට අසාර්ථක අතරමැදියන් ලෙස ක්‍රියා කිරීමය. අනුරුධ ප්‍රදීප් මහතාගේ ගේ “පුද්ගලික අධ්‍යාපන විලාසිතා” පොත මා කියා වූවාදැයි ද ආචාර්ය දේවසිරියන්ගේ මගෙන් අසා ඇත. මා එම තරුණ ආචාර්ය වරයාගේ පශ්චාත් උපාධි අඩු පාඩුව මගේ ලිපිය සඳහා උදාහරණයක් ලෙස ගැනීම ද්වේශ සහගත නොවේ ද අසයි. ඇත්තටම තම ලිපි වලින් මෙන්ම පොතෙන් ද කලණසූරියන් විසින් කියා සිටිනුයේ  විශ්ව විද්‍යාල වල ප්‍රමිතියේ ප්‍රශ්න වලට මුල එම එම අධ්‍යාපනයේ  අඩු පාඩු නොව කලාපීඨ වලට එන සිසුන්ගේ අඩු පාඩු බවත්, මුදලක් ගෙවා අමතර සිසුන් ගෙන්වා ගනිමින් කලා පාඨමාලා වල  ප්‍රමිතිය දියුණු කල හැකි බවත් ය. තමන් ඇතුළු රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආචාර්ය වරුන් හා ඔවුන්ගේ ඉගැන්වීම පිළිබඳ අධි තක්සේරුවක සිට කරන  එම අසාධාරණ යෝජනාව විවේචනය  කිරීම සඳහා එම  යෝජනාව කරන්නාම  උදාහරණයකට ගැනීම සාධාරණය යයි මම සිතමි.

කලණසූරියන්ගේ පොතට විචාරයක් ලෙසටතව යමක් එකතු කරනවා නම්, උසස් අධ්‍යාපනය වැනි විෂයක් සාකච්ඡා කිරීමේ දී යොදා ගත යුතු ආර්ථික හෝරාජ්‍ය කළමනාකරණ සංකල්ප හා  මෙවලම් පිළිබඳව කතුවරයා සැලකිල්ලක් යොමු කර නැත.  දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි උගැන්විය යුතු ආකාරය ගැන උපදෙස් දී ඇත්තේ එම විෂයට අදාළ පුළුල් දැනුම් සම්භාරය පිළිබඳ විශ්ලේෂණයකින් තොරවය. “භෞතික පහසුකම් සහිත නව පාසල්  ප්‍රමාණවත් සංඛ්‍යාවක් ක්‍රමක්‍රමයෙන් ඇති කිරීම (පි. 51); ගුණාත්මක භාවය හා ජාතික අවශ්‍යතාවන් සැපිරෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ලක් කිරීම (පි. 226); ඉංග්‍රීසි දැනුමවැඩි කිරීම සඳහාතීරණාත්මකව හා අධිෂ්ඨානශීලීව මැදිහත් වීම(274)” යනුවෙන් අදහස් ඉදිරි පත්කර ඇතත්  ඒවා සාක්ෂාත් කර ගැනීමට  ප්‍රතිපත්තිමය පියවරවල් ඉදිරිපත් කර නැත.

සමහරුනට තීරණාත්මකව හා අධිෂ්ඨානශීලීව  මැදිහත් විය හැකි අවංක අතරමැදියන් එනතුරැ බලා  සිටිය හැක. එය ජීවිතයේ අරමුණ කර ගත හැක. නමුත් බහුතරය සඳහා යථාර්තය එයට හරස් වේ.

 මවකගේ කතාව

මා දන්නා  ගෘහ සේවිකාවක් නොපැකිලව මසකට රුපියල් 3500ක් වැනි ඇයටදැරිය නොහැකි මුදලක් 10වන  වන වසරේ ඉගෙන ගන්නාතම පුතාගේ අමතර පන්ති වලට මාසිකව වියදම කරන්නේ සාමාන්‍ය පෙල විභාගයට තව ඇත්තේ  සීමිත කාලයක් නිසාය.වැඩිමල් පුතුන් දෙදනාම සාමාන්‍ය පෙළ අසමත්ව සුළු රැකියා ලෝකයට පිවිසුනහ. ලගම පාසල හොඳම පාසැල වෙන තෙක්මවට තව දුරටත් බලාසිටිය නොහැක. අවුරුදු දෙක ඇතුලත දරුවා ගොඩදාගැනීම අගේ එකම  අභිලාෂයි. දක්ෂ ටියුෂන් ගුරුවරයා ඇයට දෙවියෙකි. වෙනත් කෙනෙකුට කඩ කාරයෙකි.

නාවුක ක්ෂේත්‍රයේ සීමන් (Seaman)රැකියා ගැන ඇයට හා දරුවාට උනන්දුවක් ඇත. ඕෂන් යුනිවර්සිටි  යන උජාරු නම ඇතිව පනතක බලයෙන් පිහිටු වන ලද ආයතයනයෙන් නොමිලේම වාගේ සීමන් (Seaman) සහතිකයක් සඳහා පුහුණු විය හැකිබව මම දනිමි. නමුත් රැකියා ක්ෂේත්‍ර  35 කට අධික ගණනක් පිළිබඳ විමර්ශනයක අත් දැකීම් ඇතිව මෙගෙන් ඈ උපදෙස් ඉල්ලුවොත් මා පවසන්නේ  “දරුවා ආණ්ඩුවේ දන්සල් වල කාලකන්නි කරන්න එපා. කොහොමහරි මාලඹේ සිනෙක් එකෙන් මුල් සහතිකය ගන්න. උපාධියක් දක්වා වුනත් ඉතිරි ටික ළමයාම වැඩකරන ගමන් කරගනියි.”එම මවට හා මට සිනෙක් යනු අකාර්යක්ෂම මෙන්ම ගුණාත්මක  බවින් තොර රාජ්‍ය  ඒකාධිකාරයකට විකල්පයකි. වෙනත් අයකුට එය පුද්ගලික වූ පමනින්මහොර යැයි හංවඩු ගැහෙනඋපාධි කඩයකි.

එම මව හෝ තවත් එවැනි දෙමාපියන් වෙනුවෙන් විශ්ව විද්‍යල වල ශිෂ්‍යයන් හා ආචාර්ය වරුන් විසින් කල යුත්තේ තම පාඨ මාලා හොඳද නැද්ද තීරණය කිරීම එම දෙමාපියනට ම බාරදීමය.. රජයේ ආයතන වලට ඉදිරියට  වැඩි කිරීමට බලාපොරොත්තු මුදල් යම් කොටසක් මෙහි සදහන් දරුවා වැනි අයට අවශ්‍ය තොරතුරැ සමග අධ්‍යාපන වවුචර් ලෙස ලබා දුන්නොත් ඒ අය විසින් එමවවුචර් අවුරුදු 3-4 ක කැම්පස් සොමියක් සඳහා යොදනවද, නැත්නම් ජීවිතයට අත්වැලක් හදා ගන්න යොදනවාද යන්නතීරණය කරනු ඇත.

නොමිලේ උසස්  අධ්‍යාපනය ලබන 4%

ඉහලම ඒක පුද්ගල ප්‍රතිපාදනයක් වන එක් සිසුවකුට වර්ෂයකට රුපියල් 140,000 ක වෙන් කිරීමක් ලබාදී ඇත්තේ  රජයේ විශ්ව විද්‍යාල පද්ධතියටය. විශ්ව විද්‍යාල පද්ධතියකින් බලාපොරොත්තු වන මට්ටමේ විද්වත්  ඇදුරන් බදවා ගැනීමට  වැඩි පඩි, පර්යේෂණ පහසුකම්  හා වෙනත් පහසුකම් අවශ්‍ය නිසා සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල වල ඒක පුද්ගල ප්‍රතිපාදනයන් අන් ආයතන වලට වඩා ඉහලය. නමුත් අපේ  රටේ විශ්ව විද්‍යාල වල ඇදුරන් බහුතරයක් එවැනි විද්වත් ස්ථාවරයක සිටීද යන්න විමසිය යුතු වෙනම කාරණයකි.

දෙවනුව, විශ්ව විද්‍යාලයට පිවිසෙන සිසුන් විසින්  අවම වශයෙන් විශ්ව විද්‍යාල අධාපන පුනරාවර්තන වියදමෙන් 1/3 ක් වත් ගෙවීම ගැන සංවාදයක් ඇති විය යුතුය. විවෘත  විශ්ව විද්‍යාලයේ දැනටමත් පුනරාවර්තන වියදමෙන් තුනෙන් එකක් පමණ ගාස්තු වලින් පියවෙන බව ද මෙහිදී සැලකිල්ලට ගත හැක. මෙම අය කිරීම් ශිෂ්‍යත්ව  තුලින් හෝ අනාගත ඉපයුම් වලින් අය කර ගැනීමේ බලපොරොත්තුවෙන් ලබාදෙන පහසු ණය තුලින් ආවරණය කල හැක. අනුරුද්ධ ප්‍රදීප් මහතා ද මෙවැනි ක්‍රමවේද ගැන තම පොතේ සාකච්ඡා කර ඇත.

නොමිලේ වෘත්තීය අධ්‍යාපනය ලබන 3%

වෘත්තීය  අධ්‍යාපනයේ යෙදෙන සිසුන් සඳහා  ඒක පුද්ගල වියදම  රුපියල් 60,000 කි. රාජ්‍ය දෙපාර්මේන්තු හෝ රාජ්‍ය සංස්ථා මගින්  පාලනය වන වෘත්තීය පුහුණු ආයතන  මගින් මෙම පුහුණු වීම් සිදු කෙරේ. ඔවුන් විසින් ප්‍රධානය කරන  සහතික පිළබඳ ක්‍රමවත් ඇගයීමක් නැති වීම  කණගාටුවට කරුණකි.  ජර්මන් ටෙක් ආයතනය හා සමහර ආධුනික පුහුණු ආයතන කිහපයක් හැරුණු කොට  අනිකුත් ආයතන වලින්  ලබා දෙන පුහුණුව  පිළිබඳව වැඩ ලෝකය තුල වැඩි ප්‍රසාදයක් නැති බව රහසක් නොවේ. පුළුල් ප්‍රතිසංවිධානයක් නොමැතිව රාජ්‍ය වෘත්තීය පුහුණු ආයතන වලට අමතර  සම්පත් දීම බදු මුදල් හෝ ණය ප්‍රතිපාදන  අපතේ හැරීමක් වනු ඇත.

 පුද්ගලිකව  අධ්‍යාපනය ලබා ගන්නා 7%

වයස 20-24 කාණ්ඩයේ ලක්ෂයකට පමණ වන මෙම තරුණ කාණ්ඩයට දෙලක්ෂයකට අධික බාහිර උපාධි අපේක්ෂකයින් අයත් නොවන්නේ ඔවුන් බොහෝ දෙනෙක් ගේ සහභාගිත්වය ලියා පදිංචියට සීමා වන බැවිනි.  2007 දී පුද්ගලික ආයතන වල ඉගෙන ගන්නා  ගණන 50,000ක් පමණ විය හැකි බව 2009 වර්ෂයේ ලෝක බැංකුවේ ටවර්ස් ඔෆ් ලර්නින්ග් පොතේ පිටු අංක 5 හි ඇති වගුව ආශ්‍රයෙන් අපට නිගමය කල හැක.  ඉතිර 50,000 ට අයිති වන්නේ කවුද යන්න තව දුරටසොයා බැලියයුතුය. ඇත්තෙන්ම මේ පුද්ගලික ආයෝජන තුලින් ඉගෙන ගන්නා අය නිසා රජයේ වගකීම 7%කින් අඩු වීම අගය කල යුත්තක් නමුත් සිදු වන්නේ එවැනි පහසුකම් සලසන ආයතන වලට අපහාස විදීමට සිදු වීමය.  එක් චෝදනාවක් ලෙස මේවායේ ප්‍රමිතිය ඇතුළු වන සිසුන්ගේ විභාග ලකුණු වලින් මනිනු ලැබේ. අවශ්‍ය වන්නේ වැඩ ලෝකයට හෝ සමාජයට පිවිස ස්වාධීනව හා සාධාරණව ජීවත් වීමට හැකියාවක් එම අධ්‍යාපනය තුලින් ලැබේ දැයි සොයා බැලීම  මිස වැරදි විභාග ක්‍රමයක්ම  පමණක්ම මිම්මක් ලෙස යොදා ගැනීම නොවේ.

විධිම්ත්  පුහුණුවක් නොලබන 86%

දැනට ආයතනිකවපුහුණුවක් නොලබන අය අතරට වයස 20-24 අතර  මිලියන 1.3ක තරුණ තරුණියන් අයත්ව වේ.මේ අයගෙන් 54% කට සාමාන්‍ය පෙළ නැති ය යයි අපට උපකල්පනය කල හැක්කේ සාමාන්‍ය පෙළ අසමත සියල්ලන් ම වාගේ කාණ්ඩය තුල ඇත යන විස්වාශය අනුවය. ඉතිරි 32% ට සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සහතිකයක් තිබිය හැක. සෑම දරුවකුටම සාමාන්‍ය පෙළ සඳහා අවම සහතිකයක් ලබා දීම පාසල් වල වග කීම වුවත්, එසේ නැතිව සමාජ ගතවන තරුණ තරුණියන්ට  අවශ්‍ය  අත්වැල ලබා දීමට ඇති එකම රාජ්‍ය ආයතනය  තරුණසේවා සභාවයි.

මේ 86% ක් කණ්ඩායමට පාසලෙන් පසු සුළු රැකියාවකට යන අය , කෙටි කාලීන පාඨ  මාලා හදාරන හෝ ගෘහස්ත වැඩ වල යෙදෙන අය අයත් වනු ඇත. ඇත්තෙන්ම හෙට දින ප්‍රසිද්ධයට පත් විය හැකි තරුණ ව්‍යාපාරකයින්, ක්‍රීඩකයින්, ගායකයින් හෝ කලා  කරුවන් ආදීන්ද, පවතින අමනොඥ විභාග ක්‍රමයෙන්ඉවත්වී මේ ගොඩට එකතු වී සිටිය හැකිය.   ලංකාවට විදේශ විනිමය උපයන කර්මාන්ත ඇති කරන්නන්, එම කර්මාන්ත වල සේවය කරන්නන්ද මෙම කණ්ඩායමට  අයත් වනවා නොඅනුමානය.  පාරේ පෙළපාලි යන සුළුතරයකගේ  ශබ්දයට බය නොවී, රටේ මුළු මහත් තරුණ ජවය දිරි ගන්වා ඔවුනට අත හිත දීම සඳහා මේ බහුතරය මුල් කර ගත් අධ්‍යාපන ප්‍රතිපත්තිසකස් විය යුතුය.  එවැනි තත්වයක් යටතේ තරුණසේවා සභාවටලබා දෙන ප්‍රතිපාදන වල  ඒක පුගල වියදම රු. 2350 ක් පමණක් වීම ගැන අවධානය යොමු විය යුතුය.

එවැනි අවධානය යොමු විය යුතු ප්‍රතිපත්ති කිහිපයක්ඉදිරිපත් කිරීම වෙනත් ලිපියකින් ….

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රමිතියක් තිබේද?

මෙම ලිපිය මාර්තු 20 වැනි දින රාවය පත්‍රයේ පල විය.

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා විසින් රාවය පත්‍රයේ පල කෙරුණු ලිපියකින් යෝජනා කරන්නේ රාජ්‍ය විද්‍යාල පද්ධතිය තවත් පුළුල් කර අමතරව බදවා ගන්නා සිසුන්ට මුදලක් ගෙවා ඉගෙන ගන්න පහසු කම් සැපයිය යුතු යන්නය. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය පිළිබඳව ඇස් පනා පිට පෙනෙන ප්‍රශ්න තිබියදී ඒ මහතා එවැන්නක් යෝජනා කිරීම ගැන මම පුදුම වෙමි. ප්‍රමිතියේ එම ප්‍රශ්න වල බැරෑරුම් තත්වය පෙන්වීම සඳහා මාඋදාහරණයක් ලෙස යොදාගන්නේ 2013 දී කර්ණසූරිය මහතාගේ පත්වීම පිළබඳව  මාද්ධය තුලින්හෙළි වූ කරුණුමය.

ප්‍රවෘත්ති වාර්තා වලට අනුවකර්ණසූරියමහතාවිසින්අවුරුදු 8ක් පශ්චාත් උපාධියක්නොලබා ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්මේන්තුවේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත. පාසලක උසස් පෙළ උගන්වන ගුරුවරයෙකුට අනිවාර්යෙන්ම උපාධියක් තිබිය යුත් බවට රීතියක් ඇත්තේ ගුරුවරයාට තමන් ඉගැන්වීමට යන කරුනු පිළිබඳව තමාට තම ශිෂ්‍යයයන්ට වඩා දැනුමක් තිබිය යුතු නිසාය. උපාධි මට්ටමේ සිසුන්ට උගැන්වීම සඳහා උගන්වන තැනත්තෙකුට අනිවාර්යෙන් පශ්චාත් උපාධියක් තිබිය යුතුය යන නිර්ණායකය ද සැකසෙන්නේ ඒ අනුවම ය. අවුරුද ගණනක් ඉගැන්වීම තුලින් ලැබෙන පරිචය මෙයට ප්‍රමාණවත් නොවේ.උපාධි අපේක්ෂකයින්ට ඉගැන්වීම සඳහා අවම වසයෙන් අවශ්‍ය ශාස්ත්‍රපති උපාධියකින් ලබා දේ යයි අප අපේක්ෂා කරන්නේ යමෙකු “ක්ෂේත්‍රයේ දැනුම පිළිබඳ තත්කාලීන අවබොධයක් හා එම ක්ෂේත්‍රයට අදාළ ක්‍රමවේදයන් යොදා ගැනීමේහැකියාවන්“ පෙන්වයි යන තත්වයයි. අප රටේ ප්‍රධානය කෙරෙන ශාස්ත්‍රපති උපාධි වල මේ ගුණාංගය පෙන්වයිද නැද්ද යන්න ගැන විශ්වාසයක් නැතත් පිටරටක පශ්චාත් උපාධි හැදෑරීම් සඳහා අරමුදල් වල හිඟයක් නොමැති බව මම හොදකාරවම දනිමි.

පසුව මා විස්තරාත්මකව පෙන්වන අන්දමට බොහෝ කලා පීඨ වල උගැන්වීමේ බර දරන්නේ මෙවැනි පශ්චාත් උපාධියක් නැති ගුරුවරුන්ය. 2015 වසරේ විශ්වවිද්‍යාල වල කලා පීඨ මගින්  අභ්‍යන්තර උපාධිධාරීන් ලෙස 8934 ක් ද, බාහිර උපාධිධාරීන් 5602 ක් හ විවෘත විශ්ව විද්‍යාලය  හරහා 171 ක් ලෙස කලා උපාධිධාරීන්  14,636 දෙනෙකු ට සහතික දී සමාජගත කර ඇත. උපාධියක වටිනා කම මැනෙන්නේ මූලිකවම ගුරුවරුන්ගේ ප්‍රමිතිය  අනුවය. මුළු විශ්ව විද්‍යාල පද්ධතියේම ආචාර්ය වරුන්ගෙන් 60% කට ආචාර්ය උපාධි නැත. ඉතිරි අයගේ ශාස්ත්‍රපති සුදුසු කම් පිළිබඳව ද ප්‍රශ්න ඇත. මෙවැනි අප ඉදිරියේ ඇති මූලික තොරතුරු අනුව අපට ඇත්තටම අවශ්‍ය වනුයේ මේ විශ්ව විද්‍යාල වලට තව තවත් උපාධි දීමට ඉඩ සැලසීම නොව වහාම දැනට විශ්ව විද්‍යාල පද්ධතියේ සේවය කරන ගුරුවරුන්ගේ ප්‍රමිතිය පිළිබඳව විමර්ශනයක් කර ඔවුනගේ දැනුම් තත්ත්වය දියුණු කිරීමට පියවර ගැනීමයි.

උපාධියක ප්‍රමිතියේ බලපෑම පෘථුල ය

2003 දී පුංචි දරුවන් ලෙස 350,000 කට කිට්ටු ගණනක් පාසල් වල පලමුවන වසරට ඇතුල් වූ යේ යයි සඳහන් වේ. මේඅය 2016 මුල වන විට අවූරුදු 18 ක තරුණ තරුණියන් ලෙසසමාජ ගත වී ඇත.. විශ්ව විද්‍යාලයට මින් වරින් වර ඇතුළු කර ගන්නා වූ 20,000 ක් පමණ වූ කණ්ඩායම 350,000 ක්සමග සසදන විට සොච්චමකි.ඇත්තටම රටේආර්ථිකය දුවන්නේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහිවන අය  නිසා නොව ඉන් පිටතින් සිටින අය නිසයි. (ඒ ගැන වෙනම ලිපියකින් විස්තර කරමු). නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අප විසින් දියුණු කරගෙන ඉදිරියට ගෙන යා යුත්තේ පළමුවන ශ්‍රේණියේ සිට13 වන ශ්‍රේණිය දක්වා පන්ති වල ඉගෙන ගන්නා පාසල් දරුවන් මිලියන හතරකගේ  හා එම දෙමාපියන්ගේ හේතුක හෝ අහේතුක බලාපොරොත්තු කැටි කර ගත් උසස් අධ්‍යාපන ආයතනයන් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලයන් වීම නිසාය. මේවායින් පිට වෙන උපාධි ධාරීන් වැඩි හරියක් ද නැවත ගුරැ සේවයට බැදෙති. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඉගැන්වීමට ද තෝරා ගන්නේ මේ උපාධිධාරීන්මය. පාසල් විෂය මාලාව තීරණය කරන කමිටු හොබවන්නේත් මේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ම ය. කෙටියෙන්කියුවොත් පාසල් වල ඉගෙන ගන්නා මිලියන 4 ක දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රමිතියට විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය කෙලින්ම බල පායි.

වෙනස අහසට පොලව මෙනි

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය ලිපියේ මූලික තර්කය වනුයේ  ලෙස “ බටහිර රටවල මෙන්ම අපේ රටේද විශ්ව විද්‍යාල රාජ්‍ය නැතිනම්  නම් සමාජීයය  අයිතිය යටතේ පැවතිය යුතු බවයි.”සමාජීයිය අයිතිය පිලිබඳ තර්කය කෙසේ වෙතත් බටහිර රටවල විශ්ව විද්‍යාල වැඩි හරියක් රාජ්‍ය අයිතිය ඇති ඒවා බව කීම සාධාරණය. ඇත්තෙන්ම කැනඩාවේ විශ්ව විද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය අනුබද්ධ ආයතන වේ. එංගලන්තයේ ද එසේමය. ඇමෙරිකාවේ ද පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන  සඳහා සිසුන් විසින් ගාස්තු ගෙවන්නේත් මද්ධයම රජය විසින් සිසුනට ලබා දෙන  ණය පහසුකම් යොදා ගෙන නිසා ඇමෙරිකාවේ ත් උසස් අධ්‍යාපනයත් බොහෝ දුරට රාජ්‍ය අනුබද්ධ යැයි කිව හැක.

නමුත් සමානකම් නවතින්නේ එතැනය. අපේ රට හා ඒ රටවල අතර විශාලතම වෙනසඒවායේ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා ඇති පෘථුල ක්‍රියාදාමයන් නිසාය. අධ්‍යාපනයක ප්‍රමිතිය මැනීම කම්හලකින් නිපදවෙන නිශ්චිත අයිතමයක උස පළල හා පෙනුම ආදියලෙස මැනිය නොහැක. ඒ සඳහා තත්ත්ව තහවුරුකරණය, ආයතනකාර්ය සාධන වාර්තා, ලීග් ටේබල් හා පාරදෘශ්‍ය බව ලෙස  ක්‍රම වේදයන් සංයුක්තයක් යොදා ගතයුතුව ඇත.

තත්ත්ව තහවුරුකරණය

තත්ත්ව තහවුරුකරණය යනු උපාධියක් ලබා දීමට අවශ්‍ය සම්පත්හා යෝග්‍ය ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදයන් ඇති දැයි පරීක්ෂා කිරීමය. මෙය ඕනෑම ආයතනයක් තුල තිබිය යුතු මූලික ක්‍රියාවලියකි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රශ්නය පුංචි ලිඳේ ප්‍රප්‍රශ්නයයි. තත්ත්ව තහවුරු නිර්ණායකයන් හදන්නේන්ත් ඒවා හරියට ක්‍රියාත්මක වන්නේද යන්නත් පරීක්ෂා කරන්නේත් එක විෂයකට එක සුළු කණ්ඩායමක් බැගිනි. යම් කෙනෙකුට අවුරුද අටක් සහකාර කථිකාචාර්ය වරයකු ලෙස සේවය කල හැකි යන නිර්ණායකයක් තත්ව තහවුරුකරන ක්‍රියාවලියට එක් කිරීම තුලින්ම රාජ්‍ය විශ්ව විද්‍යාල වල තත්ත්ව තහවුරුකරණයේ ප්‍රශ්නකාරී බව තහ වුරු කරයි. විශ්ව විද්‍යාල වල සේවයට පශ්චාත් උපාධි ධාරීන් බඳවා ගැනීමට යම් යම් දෙපාර්මේන්තු වලට කල නොහැකි නම් කල යුත්තේ ගෞරවාන්විතව රජයට ඒ බව දන්වා සිටිමින් එම පාඨ මාලාවන් වසා දැමීම මිස නුසුදුස්සන් බඳවා ගැනීම නොවේ.

කාර්ය සාධන වාර්තා

තත්ත්ව තහවුරුකරණය තුලින් අප සොයා බලන්නේ යම් නිෂ්පාදනයක ප්‍රමිතිය තබා ගැනීමට අවශ්‍ය ක්‍රියාවලියන් සිදු වන්නේද යන්න නමුත් එම ක්‍රියාවලියය අකුරට ක්‍රියාත්මක කර පමණින් උපාධියේ ගුණාත්මක බව සහතික කල නොහැක.වෙනස් වෙනස් විශ්ව විද්‍යාල වලින් සහතික ලබා එලියට එන උපාධිධාරීන්ට ඇත්තටම ඔවුන් විසින් එම වැය කෙරෙන කාලය හා ධනය තුලින් ඔවුනට එකතු වූ අගය කුමක්ද යන ප්‍රශ්නය ලෝකය පුරාම දැන් ඇසෙන්නකි. උපාධිධාරීන්ගේ රැකියා ලෝකයට පිවිසිමී සාර්ථකත්වය මෙන්ම වෙනස් වෙනස්  විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් යම් පොදු විභාගයකින් සාමාර්ථයක් ලැබිය යුතුයි අනිවාර්ය කෙරෙන තරමට විශ්ව විද්‍යාල වලින් ලබා දෙන  උපාධි පිළිබඳව විශ්වාසය බිඳ වැටී ඇත. කාර්ය සාධන වාර්තා යනු ඊට යම් ප්‍රතිචාරයකි.

කාරය සාධන වාර්තා වලට උපාධියක් ලබා ගැනීමට යන කාලය, එහිදී හැලෙන උපාධි අපේක්ෂයින් ගණන, රැකියා ලාභී උපාධිධාරීන් ප්‍රතිශතය ගණන, ඒඅය උපයන මුදල හා මුදලින් මැනිය නොහැකි නමුත් වෙනත් සාර්ථකත්වය පෙන්වන විස්තර මේ වාර්තා වලට අයත් වේ.

ලීග් ටේබල් හෝ ශ්‍රේණි ගත කිරීම්

කාර්ය සාධන වාර්තා යනු විශ්ව විද්‍යාල මගින් අභ්‍යන්තරව සකසා ඉදිරපත් කරන වාර්තායි. ඊට අමතරව සෑම දියුණු රටකම වාගේ රටේ ප්‍රධාන පුවත් පත් හෝ වෙනත් ස්වායත්ත ආයතන මගින් උසස් අධ්‍යාපන ආයතන වල ශ්‍රේණි ගතකිරීමක් වාර්ෂිකව සිදු කරයි. එංගලන්තයේ Guardian පුවත් පත ඒ සඳහා යොදා ගන්නේ අපගේ යූජීසීය ට සමාන්තර ආයතනයක් වූ HEFCE ආයතනය මගීන්ලබා දෙන ආචාර්ය වරුන්ගේ සුදුසකම්, ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය හා උපාධියෙන් පසු සිසුන්ගේ ප්‍රගතිය සොයා බලන සමීක්ෂණවල ප්‍රතිඵල යි. සාමාන්‍යයෙන් උපාධි අපේක්ෂයින් අවසන් වසරේ අග භාගය වන විට රැකියාවක් ලබා ගැනීමේ කටයුතු වල යෙදෙති. එම නිසා උපාධියකට පසු එළඹෙන උපාධි ප්‍රධානෝත්සවය වන විට උපාධිධාරීන්ගේ රැකියා තත්වය පිළබඳව යම් අවබෝධයක් ලබා ගත හැක.

පසු ගිය 2012 දී පළමුවරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපාධිලාභීන්ගේ සමීක්ෂණයක් කර තිබිණි.මෙහිදී ඉතා නිර්මාණශීලී ලෙස උපාධි ලෝගුව ලබා ගැනීමට පෙර සමීක්ෂණය පිරවීම අනිවාර්ය කර තිබුණි. 2012උපාධි ලාබීන් 16,967 කින් 15,489 ක් ම ප්‍රතිචාර දී තිබූ එම සම්ක්ෂණයට අනුව ඒ අයගෙන් 33%ක් කලා උපාධිධාරීන් වූ අතර ඔවුන්ගෙන් 46% රැකියාවක් නොමැති අය වූ අතර 20% ක් ඌන මට්ටමේ රැකියා ඇති (underemployed) විය.

ලංකාවේ මෙවැනි ලෙග් ටේබල් ක්‍රමයක් ස්ථාපිත කිරීමට නම් මෙවැනි සමීක්ෂණ අධ්‍යාපන බලධාරීන් විසින් ක්‍රමානුකූලව වසරක් පාසා කල යුතුව ඇත. මා දන්නා තරමට උපාධි ලාභීන්ගේ සමීක්ෂණය දැනට සිදු නොකෙරේ.

පාරදෘශ්‍ය භාවය

අවාසනාවකට ශ්‍රී ලංකාව වැනි රටක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ යූජීසීය මගින් තිරසර සමීක්ෂණ ක්‍රියාවලියක් පවත්වා ගෙන යෑම බලාපොරොත්තු විය හැකි දෙයක් නොවේ. නමුත් නූතන ඩිජිටල් තාක්ෂණික භාවිතා කරගෙන තම තමන්ගේ ආයතන වල තොරතුරැ වෙබ් අඩවියක ප්‍රදර්ශනයේ කල යුතු යන රීතිය ඇත්තටම වඩා ලෙහෙසියෙන් කල හැක්කක් යයි මම සිතමි.

පාරදෘශ්‍ය භාවය යනු ඕනෑම රාජ්‍ය ආයතනයක හෝ ආයතන පද්ධතියක ප්‍රමිති ආරක්ෂා කිරීමේ හොදම ක්‍රම වේදය යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ අය පුද්ගලික විශ්ව විද්‍යාල හොර උපාධි කඩ ලෙස හැදින්වුවත්, එම රාජ්‍යවිශ්ව විද්‍යාල පද්ධතියේ තනතුරු ප්‍රධානය කිරීම, එම තනතුරැ  ප්‍රධානය සඳහා අනුගමනය  ක්‍රම වේද හා සිසුන් තක්සේරු කර උපාධි ප්‍රධානය කිරීම  යන ක්‍රියාවලියන්ගේ සුජාත බව හා පාරදෘශ්‍ය බව පිළිබඳව අපට සැහීමකට පත් විය නොහැක. සරල වශයෙන් එක එක විශ්ව විද්‍යාලය මගින් ප්‍රධානය කරන පශ්චාත් උපාධි සඳහා පිළිගන්නා ලද නිබන්ධන වල ලැයිස්තුවක් හා එම නිබන්ධන වල ඩිජිටල් පිටපතක් අනිවාර්යෙන් පුස්තකාල සේවා මණ්ඩලයේ වෙබ් අඩවියට ලබා දීම තුලින් යම් තරමක විශ්වාසයක ඇති කල හැක. දියුණු රටවල කෙරෙනවා මෙන් එම මණ්ඩලයටනිසි ආකාරයෙන් සැකසුණු ඩිජිටල් පිටපතක් ලැබුණු බවටත් සහතියක් නිකුත් කරන තෙක් උපාධි සහතිකය නිකුත් නොකළ යුතුය.

උදාහරණයක් ලෙස කැනඩාවේ විශ්ව විද්‍යාලයකින් ලබා ගත් මගේ ආචර්ය උපාධිය පිළබඳ විස්තර Theses Canada Portal  වෙබ් අඩවියට ගොස් ‘Gamage’ පදය යොදා සොයා බලන්න.අද හෙට සොයා බලන්නේනම් අකාරාදී පිලිවෙලට අටවෙනි තැන ප්‍රතිඵලය ලෙස මගේ නිබන්ධනයපිලිබඳ තොරතුරු ඔබට ලබා ගත හැක. එම වකවානුවේ ඩිජිටල් තාක්ෂනය මෙතරම් දියුණු තත්වයක් නොපැවතුනු නිසා නිබන්ධනයේ ඩිජිටල්පිටපතක් ඔබට ලබා ගැනීමට නොහැකි වුනත්  2010 හෝ ඊට පසුව එලි දැක වුනු සියලු නිබන්ධන අනිවාර්යෙන්ම ඩිජිටල් කරණය කර වෙබ් අඩවියේ සපයා ඇති නිසා අවශ්‍ය නම් නිබන්ධයක පීඩීඑෆ් පිටපතක් ඕනෑම කෙනෙකුට වෙබ් අඩවියෙන් බා ගත හැක.

අපේ විශ්ව විද්‍යාල වල මෙසේ නිබන්ධන ප්‍රසිද්ධ කිරීමේ ප්‍රතිපත්තියක් නැත. පුස්තකාලයට භාර දීම ශිෂ්‍යාගේ අභිමතය අනුව සිද්ධ වන බවක් පෙනේ.උදාහරණ ලෙස 2013අනුරුද්ධ ප්‍රදීප් මහතාගේ තනතුර ස්ථීර කිරීම පිළිබඳ සාක්ෂියක් ලෙස මාධ්‍ය  තුල ප්‍රසිද්ධි කරන ලදුව ඔහු  විසින් ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධනය මට ශ්‍රී ජයවර්ධනපුර පුස්තකාල නිබන්ධන නාමාවලියෙන් සොයා ගැනීමට නොහැකි විය.

 

 

අවුරුදු අහස

මම නක්ෂත්‍රය විස්වාශ නොකරමි. උපදින අවස්ථාවේ අහසේ ග්‍රහ ලෝක එකිනෙකට සාපේක්ෂව තිබූන ආකාරය කෙනකුගේ මුළු ජීවිත ගමන් මග තීරණය කරයි යයි විස්වාශ කිරීම විද්‍යාත්මකව හෝ බෞද්ධාගමානුකූලව සාධාරණය කල නොහැක. නමුත් සූර්යාගේ යම්  නිශ්චිත පිහිටීමක්   පදනම්ව ගොඩ නැගුනු අලුත් අවුරුද්ද නම් ප්‍රියජනක සංකල්පයකි. මට නම් අළුත් අවුරුද්දේ සුන්දරම අවස්ථාව වන්නේ  උස් පහත් බේදයක් නොමැතිව රටේ සෑම දෙනාම වගේ, එකම කෑම, එකම වෙලාවට අනුභව කිරීමයි.   ලංකාවේ පවුල් මිලියන 5.1 ක් ඇති බව මෑතකදී කෙරුණු සංගණයෙන් ඇස්තමේන්තු කර ඇත.  මේ හැම පවුලක්ම කෙසේ වෙතත් එයින්  වැඩි දෙනක් එකම කෑම වේල එකම වෙලාවට අනුභව කිරීම මා දකින්නේ බොහෝ විට වෙනත් රටක දකින්නට නැති සංසිද්ධියක් විය හැකි බවයි. .

ඇත්තටම අවුරුදු  සිරිය විදීමට නක්ෂත්‍රය අවශ්‍ය ම නැත. තාරකා වල පිහිටීම ගැන තේරුමකින් අවුරුද්ද දිහා බැලීම මට මෙන්ම  ඔබ සමහරෙකුට තෘප්තියක් ලබා දේ යයි සිතමි.

අහසේ  ඉර ගමන් කරන මාර්ගයේ දළ  වශයෙන් තාරක මණ්ඩල  12 ක් දැකිය හැක.  නක්ෂත්‍රයේ මේවාට රාශී ලෙස හැදින්වෙයි. මෙම රාශි මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ කන්‍යා, තුලා, වෘච්චික, ධනු, මකර, කුම්භ හා මීන ලෙස නම් ලබමින් අහසේ අංශක 360 කට  විහිද ඇත. මේ දින වල රාත්‍රී අහස බලන  විට අල්දර්බරන් රතු තාරකාවක් සමග විහිදී පවතින වෘෂභ රාශියත්, ඒ ලඟම ඇති දීප්තිමත් තාරකා දෙකකින් සමන්විත නිවුන්නු රාශිය නැතිනම් මිථුන රාශිය  දකින්නට ඇත. රාශි 12 හේ කොටසක් නොවූවත් ඒවා ලඟින්ම ඇති ඔරායන් තරු මණ්ඩලය ඔබට මේ රාශීන් හඳුනා ගැනීම පහසු කරනු ඇත. ජුපිටර් ග්‍රහ ලෝකය මේ දිනවල පවතින්නේ මිථුන රාශියට ඔබ්බෙන් ඇති සිංහ රාශියේ ය.  දීප්තිමත් එම ග්‍රහ ලෝකයද ඒ අවට ඇති  රාශි අඳුනා ගැනීම ඔබට පහසු කරනු. ඇත. ඔබට ස්මාර්ට් ෆෝන් එකක් තිබේ නම් ගූගල් ස්කයි ඇප් එක  බා ගැනීම තුලින් මේ සියල්ලම මෙන්ම වෙනත් ආකාශ වස්තූන් ද ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වනු ඇත.  .

රාත්‍රී අහස දිහා බැලූ විට රාශි වලින්  හයක් පූර්ණව හෝ අර්ධව  අහසේ නැගෙනහිර සිට බටහිර ට විහිද ඇත. ඉරේ ගමන් මග ගත් විට, ඉරේ දීප්තිය නිසා පොලවේ සිට අපට පෙනුනේ නැතත්, තාරකා සිතියම් වලට අනුව ඉර එක රාශියක එක  මාසයක් පමණ ගත කරන ලෙස පෙනේ. ඈත පුරාණයේ අස්වැන්න කාලය හා සම්පාත වීම නිසාදෝ ඉර මීන රාශියෙන් මේෂ රාශියට යන කාලය උත්සව වලට සුදුසු  කාලයක් විය. අවුරුදු ලිතෙන් ඇත්තෙන්ම සිදු කරන්නේ, අහසේ මීන රාශිය හා මේෂ රාශීය බෙදන මනෝමය ඉරක් සැලකිල්ලට ගෙන,  සූර්යා එම ඉර හරහා යන දවස හා යාමට ගතවන කාලය අනුව එම දවසට වැඩ පිළිවෙලක් යෝජනා කිරීමයි.

සූර්යා වෘත්තාකාරය . එම වෘත්තය අහසේ ඇන්දේ ඕනෑම ඉරක් පහු කර යන්න  හරියටම පැය 12 යි මිනිත්තු  48 ක් ගත වේ. මීන රාශියේ සිට මේෂ රාශියට ඉර යනවා කියා අප කියන්නේ  එම රාශි දෙක අතර මනසෙන් ඇදුනු රේඛාවක් හරහා ඉරේ සංක්‍රාන්තියයි . එම සංක්‍රාන්ති කාලය තුල ඉර මීන රාශියේත් නොව මේෂ රාශියේත් නොව අතර මැදකය.  මේ සංක්‍රාන්ති කාලයට පුණ්‍ය කාලය කියයි.

අවුරුදු උදාවට පෙර අන්තර් කාලය  පුණ්‍ය කාලයේ  පෙර භාගය ලෙස හැදින් වේ.  අපේ පැරැන්නෝ ඒ වෙලාව නොනගතය ලෙස නම් කර ජීවිතයේ විරාමයක් සඳහා යොදා ගත්හ. සංක්‍රාන්තිය ආරම්භ වීමට පෙර අදත් සමහරු ලිප ගිනි නිවා අළු අයින් කරති. නොනගතයේ උයන පිහන කටයුතු තහනම්ය. පොත පත බැලීමත් තහනම්ය.  දැන් කාලයේ වචනයෙන් නම් පාඩම් කරන්න එපා යයි  දරුවන්ට දෙමාපියන් විසින් තරවටු කරන එකම දවස  මෙය විය හැක.  දෙමාපියන්ද ටීවී නොබලනු ඇත.

අවුරුදු උදාව හෙවත් ඉර හරියටම මනෝම රේඛාව මැදට එන වෙලාව අපි ට මතක් කර දෙන්නේ එම වෙලාවට රතික්ඤා පත්තු කරන බලා ගෙ සිටින  විනෝද කාමීන් විසිනි.

පුණ්‍ය කාලයේ අපර භාගය 7.48 සිට 2.12 දක්වා කාලයයි. .මේ කාලය තුල අලුත් අවුරුද්ද සඳහා උයන පිහන, ගනු දෙනු කටයතු කර ගත යුතුයි.. එයින් සමාජයට යම් හික්මීමක් ද ඇති ඇතිවේ. අවශ්‍ය නම් එම වෙලාව අපට අවුරුද උදාවෙන් පැයකට පසු කියා නිශ්චිත කල හැකි නමුත්, එසේ කලොත් අපේ දෛවඥවරුන්ට වැඩ නැති වන නිසාදෝ ඔවුන් යම් යම් ගණනය කිරීම්  කර අපට වෙලාවල් සාදා දෙති.  2016 සඳහා උයන වෙලාව පස් වරු8.05 වේ. එම වෙලාව රාත්‍රී 12 නොවීම ගැන අප විසින් අපේ දෛවඥවරුන්ට ස්තුති කළ යුතුය. පසු ගිය වසරේ මට මතක හැටියට අවුරුදු උදාවෙන් පසු අහර අනුභවයට තිබුනේ පැය භාගයක් වැනි සුළු කාලයකි.  ඉද හිට ගෘහණියන් දුව වීම ද  නරක නැතැයි අපේ දෛවඥවරුන් සිතන්නන්ට ඇත!

හරියටම පැය 12 මිනිත්තු 48 කට පසු කට පසු පුණ්‍ය කාලය අවසන් වේ. ඇත්තටම එය අවුරුද චාරිත්‍ර වල එතරම් වල වැදගත් වෙලාවක් නොවේ. ඒ වන විට කවුරු කවුරුත් එක්කෝ කිරිබත් වැඩි පුර කාලා  නින්දේය. නැතිනම් නෑ ගම් යමින්  හෝ අවුරුද උත්සව වලට සහභාගී වෙමින් ය.

 

 

 

 

 

 

 

 

අවුරුද උදාවට පෙර අන්තර් කාලය  පුණ්‍ය කාලයේ  පෙර භාගය ලෙස හැදින් වේ.  අපේ පැරැන්නෝ ඒ වෙලාව නොනගතය ලෙස නම් කර ජීවිතයේ විරාමයක් සඳහා යොදා ගත්හ. සංක්‍රාන්තිය ආරම්භ වීමට පෙර අදත් සමහරු ලිප ගිනි නිවා අළු අයින් කරති. නොනගතයේ උයන පිහන කටයුතු තහනම්ය. පොත පත බැලීමත් තහනම්ය.  දැන් කාලයේ වචනයෙන් නම් පාඩම් කරන්න එපා යයි  දරුවන්ට දෙමාපියන් විසින් තරවටු කරන එකම දවස  මෙය විය හැක.  දෙමාපියන්ද ටීවී නොබලනු ඇත.

අවුරුදු උදාව හෙවත් ඉර හරියටම මනෝම රේඛාව මැදට එන වෙලාව අපි ට මතක් කර දෙන්නේ එම වෙලාවට රතික්ඤා පත්තු කරන බලා ගෙ සිටින  විනෝද කාමීන් විසිනි.

පුණ්‍ය කාලයේ අපර භාගය 7.48 සිට 2.12 දක්වා කාලයයි. .මේ කාලය තුල අලුත් අවුරුද්ද සඳහා උයන පිහන, ගනු දෙනු කටයතු කර ගත යුතුයි.. එයින් සමාජයට යම් හික්මීමක් ද ඇති ඇතිවේ. අවශ්‍ය නම් එම වෙලාව අපට අවුරුද උදාවෙන් පැයකට පසු කියා නිශ්චිත කල හැකි නමුත්, එසේ කලොත් අපේ දෛවඥවරුන්ට වැඩ නැති වන නිසාදෝ ඔවුන් යම් යම් ගණනය කිරීම්  කර අපට වෙලාවල් සාදා දෙති.  2016 සඳහා උයන වෙලාව පස් වරු8.05 වේ. එම වෙලාව රාත්‍රී 12 නොවීම ගැන අප විසින් අපේ දෛවඥවරුන්ට ස්තුති කළ යුතුය. පසු ගිය වසරේ මට මතක හැටියට අවුරුදු උදාවෙන් පසු අහර අනුභවයට තිබුනේ පැය භාගයක් වැනි සුළු කාලයකි.  ඉද හිට ගෘහණියන් දුව වීම ද  නරක නැතැයි අපේ දෛවඥවරුන් සිතන්නන්ට ඇත!

හරියටම පැය 12 මිනිත්තු 48 කට පසු කට පසු පුණ්‍ය කාලය අවසන් වේ. ඇත්තටම එය අවුරුද චාරිත්‍ර වල එතරම් වල වැදගත් වෙලාවක් නොවේ. ඒ වන විට කවුරු කවුරුත් එක්කෝ කිරිබත් වැඩි පුර කාලා  නින්දේය. නැතිනම් නෑ ගම් යමින්  හෝ අවුරුද උත්සව වලට සහභාගී වෙමින් ය.

අදටත් සමාජය දෙකට බෙදන ඉංග්‍රීසිය

Tags

19-11-2015 දින දිනමිණ පත්‍රයේ පල වූ ලිපියේ මුල් පිටපත

නිදහසත් සමග එළඹී ලාංකීය සමාජයේ විශේෂයක් වූයේ ඉංග්‍රීසි ආභාෂය ඇති ප්‍රභූ පන්තිය විසින් සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව එක්ව සිටීමයි. ඇත්තෙන්ම එම මුල් අවධියේ ලාංකීය සමාජය බෙදුනේ ඉංග්‍රීසි උගත් හා ඉංග්‍රීසි නොඋගත් කොටස් ලෙසය.

අද ශ්‍රී ලාංකීය සමාජයේ බෙදීම සිංහල දෙමළ හෝ මුස්ලිම් ජාතීන් ලෙස හෝ සිංහල කතා කරන හාදෙමල කතා කරන ජාතීන් ලෙස යන්න සම්මතයයි . නමුත් අදටත් අධ්‍යාපනයේදී හෝ වැඩ පලේදී තවමත් සමාජය දෙකට බෙදෙන ක්‍රමය ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන අය සුළුතරයක් හා අනිත් අය ලෙසය.

සමාජය බෙදන ගැඹුරු දොරුව

මෙම සමාජ කොටස් දෙක අතර පරතරය මහා ගැඹුරු දොරුවකි. කැනියමකි නැතිනම් canyon එකකි. මෙම පරතරයට මුල් වන ඉංග්‍රීසි හුරුව යන්න වර්ණ හෝ වර්ග භේදය මෙන් පරම්පරාවෙන් පරම්පරාවට යන ගුණාංගයකි. අම්මා තාත්තා ගෙදරදී ඉංග්‍රීසි කතා කරයි නම දරුවාද ඉංග්‍රීසි කට හුරු කර ගනියි. තම දුඹුරු සමේ වර්ණය දෙමාපියන්ගේ ජාන වලින් ලැබෙන අතර ඉංග්‍රීසි කට හුරුව දෙමාපියන්ගේ ආභාෂයෙන් ලබා ගනීති. සමාජයේ බහුතර අනිත් අය සිංහල හෝ දෙමළ ගෙදර භාෂාව ලෙස ඉගෙන ගනිති.

ගෙදරින් නොලැබෙන දේ පාසලෙන් ලැබිය යුතුය. නමුත් අද දවසේ ඉංග්‍රීසි දන්නා අය ගුරු කමට නොයති. ගුරු කමට යන අයට ඉංග්‍රීසිය නුහුරුය. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට නම් ඉංග්‍රීසි මවු බස කරගත් පැලැන්තිය ඇසුරු කළ යුතුය. මධ්‍යම පාන්තිකයන් ජාතික පාසල් වලට පොර කන්නේ මේ ඉංග්‍රීසියෙන් ප්‍රභූත්වය ලබාගත් සමාජ කොටසට ඇතුල් වීමට මිස වෙනක් දෙයකට නොවේ.

ඉංග්‍රීසි දැනුම තුලින් අප ලාංකිකයන් ගෝලීය සමාජයක කොටස් කරුවන් වීම අවශ්‍යම කාරණයකි. නමුත් ස්වභාෂා පාන්තිකයින් දොරුවේ එක බැම්මකය. එම බැම්ම ගෝලීය සමාජයට විවෘත නැත. ඉංග්‍රීසි දැනුමට සීමා වී සිටින පාන්තිකයන් ගෝලීය සමාජයට විවරවූ අනිත් පැත්තේ සිටිති. අවශ්‍ය විටක දොරුව හරහා එහා මෙහා යන්න පුළුවන් කම ඇති ද්වි භාෂිකයින් අද හිඟය.

එදා තත්වය

එදා සමාජයේ මෙවැනි බෙදුම් ගැන තියුණු සංවාද පැවතිනි. අනගාරික ධර්මපාල වැනි ක්‍රියා කාරීන් මෙන්ම පියදාස සිරිසේන හා ඩබ්ලියු ඒ. සිල්වා වැනි ගත් කතු වරුන් සමාජයේ කොටසක් කළු-සුද්දන් ලෙස හැදින් වූ යේ ඒ ය තම සංස්කෘතිය පිළිබඳව ලැජ්ජාවට පත් වෙමින් බටහිර සංසකෘතිය වැළඳ ගත් නිසාය . ඒ අතරම තම ද්වි භාෂා හැකියාව තුලින් එතෙර මෙතෙර යා කරමින් ජාතික මෙහෙවරක යෙදුන මලලසේකර ශූරීන් වැනි අය මෙන්ම තරුණ වාමශිංක විද්වතුන් හා දේශපාලඥයින්ද සමාජයේ සිටියහ. ඔවුන් අතරින් වඩාත් කැපී පෙනුනේ දේශීය ඌරුව සහිත ඉංග්‍රීසි අධ්‍යාපනයක් ගමට ගෙනි යාමට මුල් වෙමින් කන්නන්ගර මධ්‍ය විද්‍යාල වලට නායකත්වය විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ය.

අද තත්වය.

අද දින ප්‍රශ්නය වන්නේ අප සමාජය ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන සුළුතරය හා ස්වභාෂා බහුතරය ලෙස සමාජය තවමත් වෙන් තිබීමත් ඒ දෙපැත්ත යා කිරීමේ හැකියාව හා උනන්දුව ඇති ද්වි භාෂිකයන්ගේ අඩුවත්ය.

අනික් ප්‍රශ්නය තවමත් සමහරුන් විසින් දේශ ද්‍රෝහී හා දේශ ප්‍රේමී ලෙස ගෝලීය සමාජයට සම්බන්ධ අය හා අන් අය වෙන් කිරීමේ කුහක ප්‍රයත්නයක යෙදී සිටීමයි. එය කුහක ප්‍රයත්නයක් ලෙස මා හඳුන්වන්නේ එම නායකයින් තම පුද්ගලික ජීවිතයේ දී බටහිර සම්බන්ධ කම තුලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම නිසායි.

රජයේ අධ්‍යාපනය ස්වහාෂා බැම්මේ හිරවෙලා

භාෂාව මුල් කර ගත සමාජ ව්භේදනයන් අධ්‍යාපනය තුලින් සමනය කිරීමේ මුල් ප්‍රයත්නය කන්නන්ගර පාසල් පද්ධතියයි. ඉංග්‍රීසි දැනුමැති ශ්‍රී ලාංකිකයින් බිහි කිරීම ඒවා තුලින් සිදු විය. එවකට විශ්ව විද්‍යාල තුලින් එම උගත් ලාංකීය පරම්පරාව තව දුරටත් පෝෂණය කෙරිණි. ඇත්තෙන්ම විශ්ව විද්‍යාලය යනු ගමත් කොළඹත් එක් කරන තැනක් විය.

අද පාසැල පද්ධතියේ හෝ විශ්ව විද්‍යාල වල ද්වි භාෂා හැකියාවෙන් ඉහල මට්ටමේ දැනුමක් ලබා ගත් කෙනෙකු සොයා ගැනීමට අපහසුය. එවැනි අය සිටියත් ඔවුන් තමන් පාඩුවේ තම වෘත්තීය දියුණුව සලසා ගන්නවා විනා විශ්ව විද්‍යාල වල හෝ පාසල් වල සංස්කෘතික වෙනසක් කිරීමේ උනන්දුවක් ඔවුනට නැත..

අද ද්වි භාෂා දැනුමට තැනක් නැත. රජයේ විශ්ව විද්‍යාල වල පැවත්මට ආචාර්යවරුන් විසින් එක් භාෂාවක් දැන සිටීම සෑහේ. ගෝලීය සන්බන්ධතා ඇතිව විවෘත මනසකින් යුතු අය මේ අය විසින් කොන් කරනු ලබයි. ඇත්තෙන්ම,දේශප්‍රේමී-දේශද්‍රෝහී කූඨ රැල්ලේම කොටසක් ලෙස පසු ගිය කාලයේ අපේ විශ්ව විද්‍යාල වල ආචාර්ය වරුන් හා ශිෂ්‍ය නායකයින් විසින් ජාතික චින්තන හෝ දේශප්‍රේමී ලේබලය තම පුද්ගලික වාසියට යොදා ගන්නා ලදී. ආචාර්ය වරුන්ගේ ළිං මැඩි දැනුමට උසස් වීම් ලබා දීම හා පිටතින් එන දැනුමැති අයට පාර වැහීම එවැනි ක්‍රියාවන්ය. ශිෂ්‍ය නායකයින් විසින් ඉංග්‍රීසි දැනුමේ වාසිය ඇති අය ‘අලයන්’ ලෙස නම් කර කොන් කිරීම තවත් සංසිද්ධියකි.

වාසනාවකට විශ්ව විද්‍යාල පද්ධතියේ ඉඩ කඩ නැති නිසා හෝ ඒවායින් කොන් වෙන අයට දැන් ලංකාවේ හෝ පිටරට විකල්ප ඇත. නමුත් පාඩුව රටටය. වෙනත් විකල්ප සොයා යන අයට සිංහල හෝ දෙමළ භාෂාව විනෝදයට යන්තම් තොල ගා ඇත්තොත් ඇත. සිංහලෙන් පමණක් ඉගෙන ගන්න ස්වදේශීය ශිෂ්‍යයන්ට හෝ ආචාර්ය වරුනට තමන් දැනට සිටින සීමා වල ඔහේ සිටිමින් සිටීමට බාධාවක් නැත. කෙටියන් කියතොත්, ද්වි භාෂා දැනුමෙන් ලොවක් ජය ගත යුතු තරුණ පරම්පරාවකට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම දෙන්න රාජ්‍ය අධ්‍යාපන පද්ධතියට පුළුවන් කමක් නැත.

පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ආරම්භයක්?

ඉංග්‍රීසි-සිංහල දෙගොඩ යා කරන පාලම තැනීමේ උත්සාහයක් පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් දකින්නට ලැබීම වැදගත් සංසිද්ධියකි. .

පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රචලිතව කරලියට එන්නේ අවුරුද 20 කට පමණ කලින්ය. ධනවතුන්ගෙ දරුවන් මේ ආයතන කරා ඇදෙනවා කීමට වඩා සත්‍යට වඩාත් කිට්ටු වන්නේ ඉංග්‍රීසි හුරුව ඇති පන්තිය මේ ආයතනවලට ඇදී යන බව කීමය. නමුත් ඒ අය එක් රොක් වීම නිසා මේ ආයතන වල සංස්කෘතිය යමක් කමක් ඇති නමුත් සාමාන්‍ය පවුල් වල දරුවන්ට නොගැලපෙනවා යන්න මගේ හැගීමයි.

නමුත් පුද්ගලික ආයතන ගණන වැඩි වෙත්ම ඒ ආයතන වලට ගම්බද සිසුන් තමන් වෙත ආකර්ෂණය කර ගැනීම අවශ්‍යවේ.එක් ආයතන ප්‍රධානියකු පැවසුවේ ඔවුන් මේ දිනවල ඔවුන් විසින් සිසුන් බදවා ගැනීම සඳහා කණ්ඩායමක් දැනටමත් දුර පළාත් වලට යවා ඇති බවය. තවත් ආයතනයක් නොබෝදා පල කර සිටියේ තම ආයතනය මගින් ජාතික ඇගයීමක් වන Z-ස්කෝරයේ ලකුණු අනුව රුපියල් මිලියන 80 ක් වටිනා ශිෂ්‍යත්ව 100 ක් පිරි නැමීමට කටයුතු කර ඇති බවයි.

ඉංග්‍රීසි-සිංහල-දෙමළ යා කෙරෙන වාතාවරණයක්

එසේ සාමන්‍ය පවුල් වල සිසුන් ආකර්ෂණය කර රඳවා ගැනීමට නම් පුද්ගලික අධ්‍යාපන ආයතනවල වාතාවරණය වෙනස්විය යුතුය. කොළඹ, ගාල්ල හෝ කුරුණෑගල ශාකාවක් නම් තමන් ඉංග්‍රීසියෙන් පාඨ මාලා පැවැත් වූවත් ආයතනයේ කතාබහ විහිළු තහළු සහිත සාමාජීය වාතාවරණය සිංහලට බර විය යුතුය. ත්‍රිකුණාමලය හෝ යාපනයේ සිසුන් වැඩියෙන් ඇත්නම් දෙමළට බර විය යුතුය. අදත් තම පාසල් ගැන ආදරයෙන් මතක් කරමින් කන්නන්ගර මාධ්‍ය විද්‍යාල ආදී ශිෂ්‍යයන් විසින් විස්තර කෙරෙන පරිදි වූ ලාංකීය ඌරුව සහිත ගෝලීය අධ්‍යාපනයක පෙර ගමන් කරුවන් වීමට අපේ පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයට උනන්දුව මෙන්ම හැකියාවද ඇති බව මම විශ්වාස කරමි. එසේ

අවුරුදු හතරක් කඹුටන්න HND-Accountancy පාඨ මාලා සැකසූයේ කවුද?

HND පාඨ මාලාව පිළිබඳව තත්වය ශෝචනීය ය. නමුත් වඩාත් ශෝචනීය වන්නේ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය විසින් මාධ්‍යයේ ජවනිකා මැවීම සඳහා විසින් එය වවා ගෙන කෑම හා  විසදුම් තිබියදී බලධාරීන් විසින්  ගොළු වත රකිනු ලැබීමයි.

SLIATE ආයතනයේ HND-Accountancy පාඨ මාලාව ඉතා අකාර්යක්ෂම පාඨ මාලාවකි. සිසුවෙකු වසර හතරක කාලයක් තුල ක්‍රෙඩිට් අවර් 128 ක් ලබා SLIATE ආයතනයේ HND ඩිප්ලෝමාව ලබා ගන්නා විට එම වයසේම සිසුවෙක් විශ්ව විද්‍යාලයට ඇතුළුව අවුරුද හතරකින් එම ක්‍රෙඩිට් අවර් ගණනම සපුරා උපාධියක ලබා ගනී.

සාමාන්‍යයෙන් HND පාඨ මාලාවකට වසර දෙකක පූර්ණ කාලීන අධ්‍යාපනයක් සෑහේ. උදාහරණ ලෙස සුප්‍රසිද්ධ BTEC HND-Accounting පාඨ මාලා වලට වසර දෙකක කාලයක් ඇති බව එම සුදුසුකම පිරි නමන පියර්සන් ආයතනය කියා සිටී. එසේ තිබියදී අවුරු හතරක දේශීය HND-Accounting පාඨ මාලාවක් සඳහා ලියා පදිංචි වන සිසුන්ගේ අභිප්‍රාය පුහුණුවද නැති නම් රජයේ රැකියාවකට පාර සාදා ගැනීමද  යන්න ප්‍රශ්න කළ යුතුව ඇත.

මාධ්‍යය: ලංකාවේ හෝ පිටරටවල BTEC HND-Accounting පාඨ මාලා වලට වැඩි  ඉල්ලුමක් නැත්තේ ගණකාධි කරණය සඳහා වෙනත් නොයෙකුත් අවස්ථා ඇති නිසාය. එසේ තිබියදී මෙවැනි පාඨ මාලා මහජන මුදලින් පවත්වාගෙන යන අයවලුත්, නිකම් දෙන පලියට ඒවායේ ලියා පදිංචි වන අයගෙත් සැබෑ අරමුණු ගැන කදූළු ගෑස් පසු පස හඹා යන අප මාධ්‍යය විසින් මීට වඩා විමසිලිවත් විය යුතුය.

අන්තරයට  රටේ උසස් අධ්‍යපනයට සැබෑ කක්කුමක ඇත්නම් කළ යුත්තේ කෙටි කාලීනව මෙම පාඨමාලාව කාර්යක්ෂම කර, දීර්ඝ කාලීනව ජනතාවගේ බදු මුදල් වඩා අදාළ පාඨ මාලා ඉදිරිපත් කිරීම සඳහා යොදා හත යුතු බවට උද්ඝෝෂණය කිරීමයි.

බලධාරීන් විසින් කළ යුතුව වන්නේ පොලිස් වැටවල් පිටි පස්සේ හැංගී නොසිට  වහාම බල පාන ලෙස හා ඩිප්ලෝමාවේ අගය අඩු නොවන ලෙස එය අවුරුද දෙකකින් නිම කළ හැකි වන ලෙස කාර්යක්ෂම කිරීමට SLIATE ආයතනයට අණ කිරීමයි..

අවුරුදු දෙකක වැඩ සඳහා අවුරුදු  හතරක බදු මුදල් වැය කෙරූ SLIATE ආයතනයේ බලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමද කළ යුතුව ඇත.

Cabinet portfolios, the ideal v. the practical

We can find examples for the ideal cabinet from developed countries in our own backyard (say Singapore) or globally (the USA). The reality is close to the 31 member cabinet formed in January 2015, because that is the minimum we have seen in practice here in Sri Lanka.

As I argued in articles published in Financial Times and Dinamina, whether we get a cabinet of 30, 48 or more, we should hold the government accountable in terms of a shorter set of 16 key portfolios which I derived empirically using present Cabinets of Singapore and USA and out own past Cabinet of January-August 2015.

The present set of 48 portfolios is really a result of an deconstruction of the 16 into smaller components. We should worry more about the 4000+ government or government-affiliated institutions that will perpetuate themselves under any government.

Stay tuned for more on the set 4000+ state or state affiliated institutions, which is the real prize for ministerial appointees.

PS:

The list of 16 that I derived is as follows:

“Agriculture & Fisheries;  Communications and Information; Cultural and Religious Affairs; Defense; Development; Education & Employment; Environment; External Affairs; Finance; Health; Home Affairs; Human Services; Infrastructure; Law & Justice; Labor; Trade & Industry.”

Other similar proposals have been made elsewhere.

 

 

මැතිවරණය හා තරුණ ඡන්ද

එළඹෙන මැතිවරණයේදී තරුණ ඡන්ද තීරණාත්මක වේ.

අන්තර්ජාතික මිනුම් අනුව තරුණයන් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 15-24 ත් අතර වසර දහයයක පරාසයක තරුණ කොටස්ය. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට  නැවතත් බලයට පැමිණෙනවාද යන්න පිළිබඳව තීරණාත්මක මොහොතක්වන මෙම මැතිවරණයේදී වැදගත් වන්නේ ඡන්ද බලය හිමි  වයස 18-24 අතර තරුණ කාණ්ඩයයි.

මිලියන දෙක හමාරක් පමණ වූ මෙම තරුණ කාණ්ඩය, එල්. ටී.ටී ඊ කෲරත්වය මෙන්ම, 2009  එල්. ටී.ටී ඊ පරාජයේ යේ සොම්නසද වින්දහ.  2010-2015 කාලය තුල මහින්ද රාජපක්ෂ හුදෙක් ජනපති නොව රජෙකු ලෙස ආදරයෙන් හෝ බියෙන් පිළිගත් සමාජයක ජීවත් වීමටද ඔවුහු  පුරුදු වූ හ. ජාතික යොවුන් සේවාව වැනි තම ජීවිතයට අත්වැලක් විය හැකි ආයතනයන් තාරුණ්‍යය හෙටක් ලෙස  ජනපති පුතුන්ට අදක්  වන හැටි ඔවුනට බලා සිටිමට සිදු විය.  රජයේ රැකියාවල නියුක්ත වූවන්  ගණන ලක්ෂ 7 හා  සිට තවත් සොච්චමකට වැඩ කරමින් අතිරේක ලක්ෂ 7 ක බලකායක් ලෙස දෙගුණ වන විට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම රැකියා ලොතරැයියේ වාසිය පතා දේශපාලඥයින් පසු පස ගියෙත්  මේ අයමය.

ඇත්තෙන්ම මේ තරුණ කාණ්ඩය ගැන අප දන්නේ මොනවාද? පසු  ගිය ජනාධිපති මැතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට මෙම තරුණ ඡන්ද තීරණාත්මක වූ බවට ජනප්‍රිය මතයකි. ඔවුනගේ  ඡන්ද පාවෙන ඡන්ද ලෙසද තව මතයක් පවතී. නමුත් මෙම 18-24 පරම්පරාවේ සි තුම් පැතුම් ගැන දැනගැනීමට වෙනත් බොහෝ රටවල කෙරෙන ආකාරයේ ජාතික තරුණ සමීක්ෂණයන්  ලංකාවේ කෙරෙන්නේ නැත. යන්තම් හෝ ඒ අයගේ ජීවන තත්වය පිලිබඳ ඉගියක් ලැබෙන්නේ සෑම කාර්තුවකම ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ශ්‍රම බල කාය පිලිබඳ වාර්තාවෙනි.

එම දත්ත වලට අනුව රටේ විරැකියා ප්‍රශනය වැඩියෙන්ම දැනෙන්නේ තරුණ පරපුරටය. මෙය ලංකාවේ පමණක් නොව ලෝකය පුරා දක්නට ලැබෙන සංසිද්ධියකි. 2015 පළමු කාර්තුවේදී ලංකාවේ වයස අවුරුදු  15-24 අතර කණ්ඩායමේ විරැකියාව් 19% ක් විය. මේ අය වයස  අවුරුදු  25-29 කාණ්ඩය වෙත එළඹීමත් සමග ඒ අයගේ විරැකියාව 8% දක්වා අඩුවේ. මේ සංසිද්ධිය පිලිබඳ එක් පැහැදිලි කිරීමක් ලෙස මා මීට කලිනුත් හුවා දැක්වූ යේ මේ අය රජයේ රැකියාහෝ වෙනත්  විධිමත් රැකියා බලාපොරොත්තුවෙන් යම් විධියක සංක්‍රාන්ති  කාලයක් පසු කරමින් සිට වයස 25 ඉක්ම වන විට යථාර්තය පිළිගෙන ලංකාවේ රැකියා වලින් 60% ක් පමණ වූ අවිධිමත්  ගණයට වැටෙන රැකියා ලෝකයට ඔවුන් වැඩි දෙනෙකු එකතු වෙන බවයි.

මෙම තරුණ පරපුරේ සංක්‍රාන්ති කාලය වඩා පලදායී කිරීමට හැකි බවත්, වයස 25 ට පසු බොහෝ විට ඔවුනට ලබාගැනීමට හැකි වන අවිධිමත් වර්ගයේ රැකියා  වඩා ආකර්ෂණීය කළ හැකි බවටත් මෙම 18-24 පරපුරට ඒත්තු ගැන්වීමට ප්‍රධාන ජාතික පක්ෂ තුන වෙර දරන බව ඔවුනගේ මැතිවරණ ප්‍රකාශන වලින් පැහැදිලිවම පෙනේ.

ප්‍රධාන පක්ෂ තුනේ ප්‍රතිපත්ති ප්‍රකාශන හා හැසිරීම් තුලින් විදහා දැක්වෙන ආකාරයට ප්‍රතිපත්ති දිශානතීන් තුනක මම දකිමි. ඒවා නම් – රජෙකු  පෙරටුකර ගත්, රාජ්‍යය පෙරටු කර ගත් හා රාජ්‍යය භාරකාරයා ලෙස පිළිගත් –යන තුන් ආකාරයයි. තරුණ පරපුර මේ තුන් ආකාරයට ප්‍රතිචාර දක්වන අන්දම මේ මහා මැතිවරණයේ දී තීරණාත්මක වනු ඇත.

රජෙක් පෙරටු කර ගත් එජනිසය

එජනිස මැතිවරණ ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේ ව්‍යාපාරයකි. තම බල පාලනය සමයේ අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කළ  මහින්ද රාජපක්ෂ මහතා වෙත රොක් වෙන ජනතාව පෙන්නුම්  කරන්නේ එක්කෝ එවැනි පාලනයක් ඔවුන් ප්‍රිය කරන බව හෝ නැතිනම් නාසය වසාගෙන හෝ සිංහල බෞද්ධ අධිකාරයක් සඳහා එවැනි ප්‍රතිපත්ති ඔවූන් විසින් ඉවසා සිටින  බවයි. එම නිසා  එජනිසය ප්‍රකාශනයද රාජපක්ෂ බලයට ගෙන ඒමේ පටු අරමුණ ඇතිව සමාජයේ තෝරා ගත් කොටස් වලට ලෙස ප්‍රතිලාභ ලබා දීමේ  වැඩ සටහනකට මෛත්‍රිපාල යහපාලන අදහස් කෘතිමව ඔබ්බවා සැලසුණු ලේඛනයකි. එම ලේඛනය ජාතික සංහිදියාව, දූෂණය පිටු දැකීම සහ  ආර්ථිකය සිට  කාන්තා හා ළමා ප්‍රතිපත්ති  හා ආයෝජන හා යටිතල පහසුකම් ලෙස කොටස් දොළහකට බෙදා තිබුනත් මූලිකවම එය එක් එක් අවස්ථාවල එක් එක් තෝරා ගත් කොටස් සඳහා සහන ණය, තීරු බදු වාහන, විශ්‍රාම වැටුප් හා රක්ෂණ  හෝ අතට මුදල් ලබා දෙන බවට  පොරොන්දු ලැයිස්තුවකි. .

උදාහරණ ලෙස,  රාජ්‍ය අනුග්‍රහය මත පිහිටුවනු ලබන විශ්‍රාම වැටුප් සහිත රක්ෂණ ක්‍රමයක් ලබා ගැනීම සඳහා  එජනිසයෙන් සුදුසුකම් ලබන වාසනා වන්තයින් වන්නේ:

“විදේශ රැකියා නියුක්තිකයන්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් , කලාකරුවන් සහ මාධ්‍යවේදීන්, ඇගලුම් කර්මාන්තයේ නියලී සිටින සේවක සේවිකාවන්, පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ටැක්සි රථ, පාසල් වෑන් රථ හා සංචාරක ප්‍රවාහන ආදී සියළු ක්ෂේත්‍ර වල රියදුරන්ය.”

ත්‍රී රෝද රථ හිමියන් සඳහා රක්ෂනයන්ට අමතරව තීරු බදු පහසුකම් හා සහන ණයද පොරොන්දු වන්නේ ඒ අය වෙන්ව හඳුනා ගත හැකි ඡන්ද දායකයින් පිරිසක් වන නිසා මිස ආර්ථික වර්ධනය හා රැකියා උත්පාදනය සඳහා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය නිසා නොවන බව ඉතා පැහැදිලිය.

සමස්තයක් ලෙස එජනිස ප්‍රකාශනයේ සහන ණය, තීරු බදු සහන හෝ විශ්‍රාම වැටුප් පිළබඳව ජාතික ප්‍රතිපත්තියක් නොමැත.  මෙම ප්‍රකාශනය ඇත්තෙන්ම 2005 වර්ෂයේ සිට සමාජගත කෙරුණු  “ඔබ රජයේ රැකියාවලට කැමති බව මම දනිමි. එම නිසා රජයේ රැ කියා ඇති කරමි “ යන වර්ගයේ  අවස්ථාවාදී දර්ශනයක් මිස ප්‍රතිපත්තිමය පදනමක් නැති ලේඛනයකි.

රාජ්‍යය මැදිහත් වීම කේන්ද්‍ර කරගත් ජවිපෙය

රැකියා ප්‍රශ්නය පිළිබඳව  ජනතා විමුක්ති පෙරමුණේ පහත දැක්වෙන විශ්ලේෂණය බොහෝ දුරට නිවැරදිය.

“රැකියා වියුක්තිය හා රැකියා නියුක්තිය පිලිබඳ නිවැරදි තොරතුරු  සංචිතයක් නොමැත. ශ්‍රම බලකායේ බොහෝ දෙන නිරත වන්නේ අස්ථාවර හෝ නිෂ්පාදනයට දායක නොවන කාර්යයන්හීය. බහුතරයක් දෙනා රැකියාවෙන් ලබන ආදායම ආහාරපාන වැනි මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට හෝ ප්‍රමාණවත් නොවේ.”

නමුත් ඔවුන් විසදුම ලෙස ඉදිරිපත් කරන්නේ  රාජ්‍යය මැදිහත්ව කෙරෙන නිෂ්පාදන ක්‍රියාවලීන්  හඳුන්වා දීමත්, පෞද්ගලික අංශයේ ආයෝජන රාජ්‍ය ආර්ථික සැලසුම් අනුව ක්‍රියාත්මක කෙරිය යුතු බවත්  යන ප්‍රතිපත්ති දෙකකි. උදාහරණ ලෙස:

“දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් රාජ්‍ය අංශයේ රැකියා නිර්මාණය කළ ද එම රැකියාවන්හී නියුක්ත කර ඇත්තේ  රැකියා ලාභියාට හෝ මහා ජනතාවට වැඩ දායක වන ආකාරයට නොවය. පෞද්ගලික අංශයේ සේවා සපයන බොහෝ රැකියාවන්ද  නිර්මාණය වී ඇත්තේ රජයේ විධිමත් ආර්ථික සැලැස්මකින් තොරව  වන අතර වෘත්තීය අයිතිවාසිකම් අහිමි කරමින් කොන්ත්‍රාත් පදනමින් සේවයට බඳවා ගැනීම තුලින් ශ්‍රමිකයින් දරුණු ශ්‍රම සූර කෑමකට ලක් වීමද ප්‍රධාන ගැටලුවකි.”

ජවිපෙය විසින් රාජ්‍ය අංශයේ රැකියා නිර්මාණය සඳහා ආයෝජන කළ යුතු අංශයන්ද දැනටමත් තීරණය කර ඇත. බොහෝ  නිෂ්පාදනයන්ට ‘අමු ද්‍රව්‍යයන්’ ලෙස අවශ්‍ය වෙන සල්ෆියුරික් අම්ලය හෝ මිනිරන් වලින් නිපදවෙන බැටරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කාබන් බ්‍රෂ් සඳහා  රජයේ කර්මාන්ත ශාලා පිහිටවිය යුතුය, එතුලින් රැකියා උත්පාදනය කළ හැකිය යන වර්ගයේ ඔලමොට්ටල යෝජනා ජවිපෙය විසින් ඉදිරිපත් කරන්නේ  ‘රාජ්‍යය මැදිහත් නිෂ්පාදන ආර්ථිකය’ යන්න  එක්දහස් නවසිය හැත්තෑව දශකයේ රටේ ජනතාව දරිද්‍ර තාවයට පත්කිරීම නිසා  ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් හා  ගෝලීයකරණය වූ හා ඉතා තරඟකාරී වූ වත්මන්  සන්ධර්භය තුල  සල්ප්ෆියුරික් අම්ලය රටේම නිෂ්පාදනය කරනවාද පිට රටින් ගෙන්වාද යන ආයෝජන  තීරණය ගැනීම  රජයකට  කළ නොහැකි බව හා නොයුතු බව නොදැන ද?

යහ පාලනය පිළිබඳ සුන්දර කථාවන්ටම  නොරැවටී , රැකියා උත්පාදනය සඳහා යහපාලනය සමග අත්වැල් බැඳ යන ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්තීන් අවශ්‍යබව මේ මැතිවරණයේදී තරුණ පරපුර විසින් තේරුම් ගෙන කටයුතු කරයි යන්න මගේ උදක් බලාපොරොත්තුවයි.

රජය පරිපාලකයා පමණක්ය කියන එජාපය

එජාපයේ මැතිවරණ ප්‍රකාශනයට අනුව රජයේ කාර්ය භාරය පෞද්ගලික අංශය දියුණු කිරීමත් එහි ප්‍රතිලාභ සාධාරණව බෙදී යෑම සහතික කිරීමත් පමණක් බව තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් එජාපය පැහැදිලිව දක්වා සිටියි.

“අපේ නව ආර්ථික වැඩපිළිවෙලට පාදකවන්නේ දැනුම මත පදනම් වූ තරඟකාරී සමාජ වෙළඳ ආර්ථිකයයි. මෙය වාමවාදී ආර්ථිකයටත් ධනවාදී ආර්ථිකයටත් වඩා දියුණු මානව හිතවාදී ආර්ථිකයකි. තරඟකාරී වෙළඳපොළ ආර්ථිකය, රජයේ සර්ව පරිපාලනය යටතේ පවත්වා ගෙන යමින් මහජනතාවට සාධාරණ සමාජ ප්‍රතිලාභ ලබාදීම සහතික කෙරේ. සමාජයේ අසරණ,වයෝ වෘද්ධ හා රැකියා විරහිත ජන කොටස් වල සුභ සාධනයත් පරිසර සංරක්ෂණය පිලිබඳ විශේෂ අවධානයත් සමාජ වෙළඳ පොළ ආර්ථිකයේ ආවේනික ලක්ෂණ වේ. යෝජිත සමාජ වෙළඳ පොළ ආර්ථිකය අවධාරණය කරන්නේ විවෘත ආර්ථිකයේ පදනම පුළුල් කිරීමහෙවත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි.’

ඇත්තෙන්ම මෙම ප්‍රකාශනය එජාපය අනිකුත් පක්ෂ දෙකින් තීරණාත්මක ලෙස වෙන් කර දක්වයි. ආකර්ශනීය සහන පොරොන්දු රැසක්  එජාපය විසින්ද  ඉදිරි  පත් කර තිබුනත් ඒවා යම්  තරමකට ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුලත්  ඉදිරිපත් කර තිබීම ද සාධනීය ලක්ෂණයකි.

උදාහරණ ලෙස, මිලියන පහක රැකියා උත්පාදනය සඳහා වොක්ස්වාගන් ෆැක්ටරියක් ලබා ගැනීම, GSP+ තීරු බදු සහන නැවත ලබා ගැනීම , ධීවර අපනයන තහනම  ඉවත් කරගැනීම හා කලාපීය වෙළඳ ගිවිසුම් තුලින් ගෝලීය ආර්ථිකය හා සම්බන්ධ වීම යනාදී වශයෙන් විධිමත්  රැකියා උත්පාදනයේ උත්සාහයන් යෝජනා කරන අතරම අවිධිමත් රැකියා ද  ආකර්ශනීය කිරීම සඳහා පහත සදහන් ලෙස පියවරයන් කිහිපයක්ද  යෝජනා කර ඇත.

පළමුව “ගොවියන්, ධීවරයින්, වතු අංශයේ ශ්‍රමිකයන්, ඇගලුම් සේවක සේවිකාවන් ඇතුළු අපනයන සැකසුම් ඇතුළත් කර්මාන්ත සේවකයින් සඳහා පරිපූර්ණ රක්ෂණ සැලසුමක් ක්‍රියාවට නංවන්නෙමු.” යන ප්‍රකාශනය තුලින්  පෙන්වන්නේ ලබා දෙන සහන අපනයන කර්මාන්ත වල යෙදෙන සේවකයින්ට ප්‍රමුඛතාවය දෙන ලෙස යොමු කිරීම  තුලින් එවැනි කර්මාන්ත නැංවීම සඳහා වූ පැහැදිලි ප්‍රතිපත්තියකි.

දෙවනුව   “රැකියාව අහිමි වීමකදී සේවකයන්ට රැකවරණය ලබා දෙන සේවා වියුක්ති ප්‍රතිලාභ රක්ෂණ සැලසුමක් ස්ථාපිත කිරීම” හා  “මෙම ජීවන වේතනය වැටුපක් නොලබන සේවක සේවිකාවන් වෙනුවෙන්ද අනාගතයේ ක්‍රියාවට නවන්නෙමු” ලෙස එම ආවරණයන් ක්‍රමක්‍රමයෙන් අනිකුත් ක්ෂේත්‍ර වලටද දිගු කිරීමේ දීර්ඝ කාලීන සැලැස්මක්ද යෝජනා කෙරේ.

තරුණ පරපුරේ තේරීම

අවසන් වශයෙන්, රජෙකු  පෙරටුකර ගත්, රාජ්‍යය පෙරටු කර ගත් හා රාජ්‍යය භාරකාරයා ලෙස පිළිගත් යන දිශානතීන් තුන අතුරෙන්  තමන්ගේ මෙන්ම ජාතියේ දියුණුවට මග පෙන්වන දිසාවක් තෝරා ගැනීමට අප තරුණ පරපුරට හැකියාව ලැබේවායි මා ඉත සිතින් පතමි.

ආකර්ෂණීය රැකියා උත්පාදනය

මෙම ලිපිය ජූලි 30 වැනි දින දිනමිණ පත්තරේ  පළ විය.  (http://epaper.dinamina.lk/?id=07&tday=2015/07/30)

ලංකාවේ ආර්ථිකව ක්‍රියා කාරී ජනතාවගෙන් රැකියා විරහිත තත්වයේ සිටිනුයේ 4-5% අතර ප්‍රතිශතයක් බව පසු ගිය වසර කිහිපය තුල සංගණන වාර්තාවලින් දැක්වේ.  ඉන් 15-24 වයස් කාණ්ඩයේ විරැකියාව 19% ක් පමණ නමුත් ඉන් වැඩි දෙනෙක් ඉගෙනීමේ, පුහුණුවේ හෝ අවිනිශ්චිත සංක්‍රාන්තියක  කාලය  ගත කරමින් සිට  25-29 වයස් කාණ්ඩය වන විට ශ්‍රම බලකායට එක් වීමෙන්  එම 25-29  වයස කාණ්ඩය සඳහා විරැකියාව 8.5% දක්වා අඩු කෙරේ..

සංඛ්‍යා ලේඛන කෙසේ වෙතත්, විරැකියාව දරුණු ප්‍රශ්නයක් යන මතය සමාජ ගතව ඇත.  සැබෑ ප්‍රශ්නය  විරැකියාව නොව තිබෙන යම් යම් රැකියා වල අවිධිමත් බව නිසා එම රැකියාවන් පිළිබඳ අතෘප්තිතාවය යි කීම නිවැරදියි මම සිතමි.

රටේ රැකියා වලින් 61% ක් අවිධිමත් රැකියා ගණයට වැටේ. මෙම රැකියාවල යෙදෙන්නන්ට හෙට වැටුපක් ලැබීම ගැන ස්ථිරත්වයක් නොමැත. විශ්‍රාම වැටුප් වෙනත් දීමනා සඳහා සුදුසු කම් නොලබයි. මෙයින් වැඩි දෙනෙක් කෘෂි කර්මය හෝ ධීවර කර්මාන්තයේ යෙදෙති. අවිධිමත් රැකියා (informal sector jobs), අනාරක්ෂිත රැකියා (vulnerable jobs) හෝ අඩමාන රැකියා (precarious jobs)  යන කොයි නමින් හැදින්වුවත් මෙම සංසිද්ධිය ලංකාවට පමණක් නොව ආසියාතිකරයම හෝ මුළු ලෝකය සඳහා  බලපාන්නකි.

ශ්‍රී ලංකා සංගණන දෙපාර්මේන්තුවේ අලුත්ම ශ්‍රම බල වාර්තාවට අනුව 2015 පළමුවන කාර්තුවේ දී මිලියන 8.5  ක් වූ ශ්‍රම බල කායෙන් 15% ක් රජය සේවකයන් ද, 40% ක් පෞද්ගලික අංශයේ සේවකයන්ද, 3% සේව්‍යයන් හෝ හාම් පුතුන් ද, 33% ක් ස්වයං රැකියා වල යෙදෙන්නන්  හා 9% ක් පවුලේ ආර්ථිකයට දායක වන්නන් වේ.

අන්තර්ජාතික මිනුම් සඳහා අවිධිමත්  රැකියා ලෙස හැදින්වෙන්නේ මෙම අවසාන කාණ්ඩ දෙක පමණි.  ඒ අනුව ආසියාතික රටවල විරැකියාව සමස්තය වශයෙන් 4%-5% දක්වා වූ අඩු මට්ටමක පවතින නමිත්  අවිධිමත්  රැකියා ප්‍රතිශතය සියයට හතලිස් පහක් ලෙස ILO ආයතනය අනුමාන කර ඇත. එම අන්තර්ජාතික නිර්ණායක අනුව, 2014 දී ලංකාවේ අවිධිමත්  රැකියා ප්‍රතිශතය සියයට හතලිස් පහක් ලෙස වේ. නමුත් එක් එක් රටවල් තමන්ගේ රටේ අවිධිමත් රැකියා ප්‍රතිශතය ඊට වඩා සූක්ෂම ලෙස ගණනය කිරීම සඳහා වෙනත් ක්‍රම වේදයන් අනුගමනය කරති. ශ්‍රමිකයන් හා අනුබද්ධ ආයතන නිසි පරිදි ලියාපදිංචි වූ හෝ නිසි මූල්‍ය කළමනාකරණයක් නැති හෝ සේවකයන් ඉතා අඩු ගනනකින් පවත්වා ගන්නා ආයතනද යන්න සොයා බල ඒ අනුව ශ්‍රම බලකාය විධිමත් හෝ අවිධිමත් ලෙස වර්ගීකරණය කිරීම ශ්‍රී ලංකා සංගණන දෙපාර්මේන්තුව විසින් කරනු ලැබේ. ඒ අනුව ඔවුන් විසින් ලංකාවේ ශ්‍රම බල කායේ අවිධිමත් කොටක 61% බවට නිගමනය කර ඇත.

රැකියාවල අවිධිමත්බව ගෝලීය ආර්ථික ප්‍රවණතාවයේ කොටසකි. ගෝලීය ආර්ථිකයක් සමග ගැටීම තුලින් තම ජනතාවට වඩා හොද ජීවන තත්වයක් ලබාදිය හැකි බව 1977 න් පසු ලංකාවේ දී පමණක් නොව මහජන චීනය හා වියට්නාමය වැනි එවකට කොමියුනිස්ට්  රජයන් පවා ක්‍රියාවෙන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ වුවද ගෝලීය ප්ලග් ගැලවීමට සූදානම් වූ අය එම මතයෙන් ඉවත් වී තිබීම සාධනීය ලක්ෂණයකි. නමුත් ගෝලීය ආර්ථිකය සමග ලබන අනර්ථකාරී ප්‍රතිඵල වලට විසදුම් සෙවීම සෑම රජයක වග කීමය.

රජයේ රැකියා රතු ඉරෙන් එහාට වැඩි කළ මහින්ද

රජයේ රැකියා වල ආකර්ෂණය ඒවායේ ඇති ස්ථාවර භාවය ය. රාජපක්ෂ රෙජීමය කපටි ලෙස එම ආකර්ෂණය  බලයට ඒමට හා බලය පවත්වා ගැනීමේ යාන්ත්‍රනයක් සාදා ගැනීමට යොදා ගත්තේය. 2005 සිට 2015 කාලය තුල තමා රජයේ රැකියා දෙගුණ කළ බව ආඩම්බරයෙන් රාජපක්ෂ මහතා කියා සිටියේ යුද ජයග්‍රහණයේ උද්දාමයෙන් නිර්වින්දනය වූ ජනතාවක් ඉදිරියේය.  වගගිවකිය යුතු පාලකයකු ලෙස ඔහු කළ යුතුව තිබුනේ තමාගේ ජනප්‍රියතාවය රටේ ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රගතිශීලී දිශාවක යොමු කිරීමට යොදා ගැනීමය. එසේ  යොමු  කිරීමට ඇති බාධක, විශේයෙන්ම අවිධිමත් රැකියා ආකර්ෂණීය වීමට ඇති බාධක ඉවත් කිරීමය.

හානිකර ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ජවිපෙය

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් පරිදි “ලංකාවේ වසරකට රැකියා අපේක්ෂාවෙන් රැකියා වෙළඳ පොලට ඇතුල්වන තරුණ තරුණියන් ප්‍රමාණය ලක්ෂ 03 ක් ඉක්මවන විට රාජ්‍ය අංශයේ හෝ විධිමත් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලැබෙන්නේ ඉන් 65,000 කට පමණි. ඉතිරි 235,000 ජීවත් වීමට මගක් නොමැති අය බවට පත්වේ. ඉන් සිදුව ඇත්තේ අනාගතයක් නැති ජනතාවක් බිහි වීමය.”

මීට අමතරව ජවිපය විසින්  සෑම රැකියා විරහිත පුද්ගලයෙක්ටම  දීමනාවක් දීමටද පොරොන්දු වේ.

මේ ප්‍රකාශනයන්ගෙන් පැහැදිලිව පිළිඹිඹු වන්නේ ජවිපෙ ප්‍රතිපත්තින්ගේ ළදරු බවය. හානිකර බවය. මා කලින් කී පරිදි වයස අවුරුදු 25-29 අතර තරුණ කාණ්ඩය යනු රැකියා පිළිබඳ යම් සමතුලිත තාවයකට පත් වූ කාණ්ඩයකි. 2015 පළමුවන කාර්තුවේ සංඛ්‍යාන අනුව මේ අයගෙන්  200,818 ක් රැකියා වල නියුතු  වෙති.  රැකියා නොමැතිව රැකියා සොයන්නෝ 16,283  කි. අනිත් 116,900 පවුල් ප්‍රශ්න හෝ වෙනත් හේතු නිසා ආර්ථිකයට දායක නොවන අය වේ. ආර්ථිකයට දායකනොවන සංඛ්‍යාව ගැන තවදුරටත් විමසමු.  මේ අය අනාගතයක් නැති අය නොවේ. සෑම වසරකම සාමාන්‍ය පෙල සහතියක් නැතිව වසර 11 දී හෝ ඊට පෙර පාසල හැර යන තරුණයන්ගේ සංඛ්‍යාව 170,000 කට වැඩිය. මේ අයගෙන් දළ වශයෙන් 85,000 ක් වත් වන තරුණියන්  මවු පදවිය ලැබ  දරුවන් රැක බලාගැනීමේ යෙදීම බොහෝ දුරට බලාපොරොත්තු විය හැක. මේ අයට  අවශ්‍ය නැවත ශ්‍රම වෙළඳ පොලට එම නිසි කලට ලැබෙන අත්වැලක් මිස පින් පැදියක් නොවේ.

මෙවැනි සංඛ්‍යාලේඛන හමුවේ ජවිපෙය විසින් එම 15-29 දක්වා වූ වයස කාණ්ඩය අනාගතයක් නැති කොටසක් ලෙස නම් කර ආණ්ඩුවෙන් ලැබෙන පින් පඩියකට යොමු කිරීම රාජපක්ෂ රෙජීමය විසින් තරුණ තරුණියන් රජයේ රැකියා වලට යොමු කිරීමටත් වඩා හානිකර ප්‍රතිපත්තියකි.

ගෝලීය වෙළඳ පොළ තුලින් විධිමත් රැකියා උත්පාදනය

ජේ. ආර්. ජයවර්ධන මහතා සංචාරක ව්‍යපාරය තුලින්ද,  ප්‍රේමදාස මහතා ඇගලුම් ව්‍යාපාරය තුලින්ද, වික්‍රමසිංහ මහතාද  වෙළඳ කලාප තුලින් ද රැකියා උත්පාදනය සඳහා මුල් වුන නායකයන්ය. නවීන යුගයට ගැලපෙන ලෙස ගෝලීය වෙළඳ පොලට රට සම්බන්ධ කිරීම පිලිබඳ ප්‍රතිපත්ති මාලාවක් එක්සත් ජාතික පක්ෂ පක්ෂ ප්‍රකාශනයේ සවිස්තරව දක්වා ඇත.

ඒ අතර ජවිපය විසින් රජයේ මැදිහත් වීමෙන් කර්මාන්ත ශාලා පිහිටු විය යුතුය වැනි යල් පැන ගිය අදහස් ඉදිරිපත් කරයි. මහින්ද පෙරමුණු කරගත් සන්ධානය විසින් උද්දච්ඡ වූත් ජාති වාදී වූත් දර්ශනයක් කරා තවමත් ජනතාව ගෙන යාමට උත්සාහ කරයි. එවැනි අය තුලින් ගෝලීය ආර්ථිකයේ ප්‍රතිලාභ ලබා ගැනීම බොරුවකි.

අවිධිමත් රැකියා ආකර්ශනීය කිරීම

පුද්ගලික අංශයේ රැකියා මහා පරිමාන, මධ්‍යම, සුළු හෝ ක්ෂුද්‍ර ලෙස හතර  වර්ගයකි. මහ හෝ මධ්‍යම  පරිමානයේ  සමාගමක රැකියාව වඩා විධිමත්ය. එම නිසා ආකර්ෂණීය ය. විදේශ ආයෝජන තුලින් මෙවැනි රැකියා ඇති කිරීම ඉතා වැදගත්ය. එජාපය මගින් කුරුණෑගල ප්‍රදේශයට වොක්ස්වැගන් කම්හලක් ලබා ගැනීම පිලිබඳ පොරොන්දුව ඉටු වුනොත් ඉතා හොඳය..

නමුත්  අප රටේම සුළු හෝ ක්ෂුද්‍ර ව්‍යාපාර තුලින් රැකියා උත්පාදනය කොයි තත්වයන් යටතේ වුවත් අත්‍යාවශ්‍ය වන්නේ විදේශ ආයෝජන ලබා ගැනීම ඉතා තරඟ කාරී නිසාය. සුළු හෝ ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් වැඩි දෙනෙක් කෘෂි කාර්මය හෝ ධීවර කර්මාන්තවල යෙදෙති. අස්වැන්න විනාශ වූ හෝ වෙළඳ පොලේ ඇතිවන ක්ෂණික වෙනස් කම අනුව ප්‍රතිචාර දැක්වීමට මෙම හාම් පුතුන් සූදානම්ව සිටිය යුතුය. සේවක සංඛ්‍යාව අඩු වැඩි කිරීමට ඔවුනට හැකියාව තිබිය යුතුය. එවැනි ව්‍යාපාරිකයන් හා එම ව්‍යාපාර  සේවකයන් සඳහා රක්ෂණ සේවාවන් හා වෙනත් ප්‍රතිපත්තිමය මෙවලම් එජාප ප්‍රතිප මාලාවට එක්ව ඇත.

මේ මගේ මතයයි. පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා ඔබම තීරණය කරන්න.

President as the conscience of a nation

I have to admit. I was slightly uncomfortable towards the middle of  the speech by President Maithripala. Is it Presidential go into  such detail about what happened in the executive committee of the SLFP?

However, as the President went on to elaborate, I settled down in my chair and listened.  He was laying it out, patiently and systematically, every thing that happened during the last 180 or so days and the rationale for the difficult decisions he had to take, using a sharp historical analysis to support. As I listened I felt President Sirisena was defining through his actions a role for a President of Sri Lanka.  I see the role as been the conscience of a nation. Somebody who will have the aptitude, faculty, intuition or judgment that assists in distinguishing right from wrong.

My earlier thought was that a President as the upholder of values, but, what values?  Whose values? Conscience is a better word I think because conscience is not a static set of values. It is that little voice at the back of our minds which nags us constantly. Responding to that voice is a dynamic process.  A mental process based on an aptitude to judge right from wrong.

On December 09th, 2014, seeing a video about then candidate Sirisena  I was moved to write:

“The MOU signed by the joint opposition was largely about abolishing the presidency, bringing in good governance and not much more. The theme of their latest campaign video – ‘a leader to bring back disappearing human values or මැකෙනා මිනිස්කම් රකිනා නායකයා” — is much more  promising. What are these disappearing human values and what structural changes, beyond the abolishing of the presidency, can we expect to see in a new government? We eagerly await details.”

On January 9th  I wrote:

“People have given the green light for a bold new step to do away with the executive presidency. The next 100 days are crucial as the form and shape of the new presidency emerge. The Maithri manifesto talked about a redefined presidency representing national unity and taking on other responsibilities as needed. Mr. Maithripala Sirisena has the ability to make it much more.”

So far the President has a made a good effort I think. All the power to him to do more.